මැයි මාසයේ මීගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 1100 ක් !

0
114

tmp_4776-image-0-02-06-f11ebe788d03dcdb5838f10af161e49cb354586e9d25f1dfd23b26960834de08-V1227004420මීගමුව රෝහල තුල දිනෙන් දිනම ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගින් වැඩිවෙමින් තිබේ.මැයි මාසයේ පමණක් මේ ගණන 1100 ක් වි තිබුණ බව රෝහල් අරාංචි මාර්ග දක්වා සිටි.
මේ ගණනින් රෝගින් 500 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ මීගමුව ප්‍රදේශයෙනි.
මීගමුවේ පිහිටි පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලැබු ගණන මිට ඇතුලත්ව නැත.ඒ සියල්ල නිසා ලෙසින්ම එකතු වන්නේ නම් මීගමුව ඩෙංගු වසංගත තත්වයක් කරා යමින් සිටි යැයි අමුතුවෙන්  කිව යුතු නොවේ .මෙය වඩාත් පැහැදිලි වන්නේ අප්‍රෙල් මාසයේ සංඛ්‍යා දත්ත හා සසදා බලන කල්හිය.
අප්‍රෙල් මාසය තුල රෝහලට පැමිණි ඩෙංගු රෝගින් ගණන 647 ක් වි තිබුණ අතර ඉන් රෝගින් 218  ක් මීගමුවෙන් පැමිණ තිබුණි.
දැන් ඒ ගණන දෙගුණ වෙමින් 500 ක් දක්වා ඉහල ගොස් තිබේ.

 

මාසය                         රෝගීන් ගණන
ජනවාරි                         532
පෙබරවාරි                     313
මාර්තු                             560
අප්‍රේල්                            647
මැයි                                 1100.

පහතින් දැක්වෙන සටහින් දැක්වෙන්නේ එසේ ඇතුලත් වූ රෝගීන් සංඛ්‍යාවෙන් මීගමුවෙන් වාර්ථා වූ රෝගීන් ප්‍රමාණයයි.  

             මාසය                      රෝගීන් ගණන
ජනවාරි                      123
පෙරවාරි                     95
මාර්තු                          126
අප්‍රේල්                         218
මැයි                             500

tmp_4776-image-0-02-06-7c6b47eeb282e869496df835198d826ddbd42052c6ef808e5881b3d7bd1ef3cf-V1913653805