මැයි 23 රජයේ නිවාඩු දිනයක්ද??..

0
51

 

Course-Calendar1මැයි මස 23 වන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත.
මෙවර වෙසක් පොහොය යෙදී ඇත්තේ මැයි මස 21 වැනි සෙනසුරාදා දිනයට බැවින් ඒ වෙනුවෙන් 23 වැනි සඳුදා දින නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට තීරණය කල බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසුවේ ඊයේ දින පැවති මැයි දිනය වෙනුවෙන් අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

එසේම පසුගිය සිංහල අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ නිවාඩු දිනයක් ලබාදීම නිසා සහ වෙසක් දිනය නිමිත්තෙන් විශේෂ නිවාඩු දිනයක් ලබාදෙන බැවින් අද නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

කම්කරු දිනය සති අන්තයකට යෙදෙන බැවින් අද දිනය පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ට (අත්‍යවශ්‍ය සේවා හැර) නිවාඩු ලබාදෙන ලෙස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය ඉල්ලා සිට ඇත.

 

උපුටාගැනීම – http://www.vinodaya.org