මාධ්‍යවේදියාගේ ප්‍රහාරයට කලින් මැරයා සහ දයාන් ලංසා අතර දුරකථන ඇමතුම් 16 ක් ? රොයිස් පළාත් සභාවේදි හෙළිකරයි ?

0
71

roies 1මීගමුව මහනගර සභා රැස්විම වාර්ථා කරන්නට ගිය මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට එල්ල කරන ලද මැර ප්‍රහාරයේ කොන්ත්‍රාත්තුව දුන් නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා සහ ඔහුගේ නගර සභා මැර සේවකයා තර ජුනි 02 වෙනිදා දුරකථන ඇමතුම් 16 ක් හුවමාරු වි ඇතැයි හෙළිකරමින්  විශේෂ ප්‍රකාශයක් 2016 ජුනි 07 වනදා බස්නාහිර පළාත් සභා රැස්විමේදි සිදුකර තිබුණි.
මේසේ ඔහු විසින් වැඩිදුරටත් අවධාරණය කර තිබුනේ මේ ප්‍රහාරකයා හා නියෝජ්‍ය නගරාධිපති අතර සිදුව ඇති මේ දුරකථන ඇමතුම් වලින් මේ ප්‍රහාරයේ සැලැසුම්කරුවා කව්රුන්දැයි යන්න හෙළිදරව් වන බවයි.
මේ අතර දායන් ලංසා විසින් මව්බිමට පුවත් පතට සිදුකර තිබුණ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් රොයිස් විජිත මන්ත්‍රිවරයා පවසා තිබුනේ තමන් බොරදියේ මාළු බාන්නේ නැති බවත් මීගමුවේ ජලය බොර කර ඇත්තේ දයාන් ලංසාත් බවය.
මේ ප්‍රහාරයට යොදාගෙන තිබුණ තුෂාන් නැමැත්තා 20011 වසරේදි ව්‍යාපෘති කම්කරුවෙකු ලෙසින් සේවයට බැදි ඇති අතර පසුව නිමල් ලංසා විසින් වසර 2012 දි කඩිනමින් ස්ථිර කර තිබේ.එය මෙසේ සිදුවන්නේ තවමත් වසර 10 කටත් වඩා වැඩි කාලයක් ස්ථිර නොකළ කම්කරුවන් තවමත් සිටින පසුබිමකදිය.
ඉන් පෙන්නුම් කරන්නේ ලංසා පවුල විසින් මේ තැනැත්තාට සලකා ඇති අකාර යැයි වැඩිදුරටත් පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත විසින් අවධාරණය කර තිබුණි.