මැර ප්‍රහාරයට සම්බන්ධ දුෂිත දේශපාලකයන් අත්අඩංගුවට ගන්න- මීගමුව එජාප නායකයෝ කියති.

0
187

Screenshot from 2016-06-25 19:15:28Screenshot from 2016 06 25 191844 e1466863450892dr.henrysangeeth 3මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට එල්ල කරන ලද මැර ප්‍රහාරය සැලසුම් කළ මීගමුවේ දූෂිත දේශපාලකයන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද මීගමුව නගරය තුල  අත්සන් ව්‍යාපාරයක්  සහ අත්පත්‍රිකා බෙදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.Screenshot from 2016-06-25 19:11:53munier 2
මේ සදහා විවිධ තරාතිරම් වල ජනයා එක්ව සිටිනු දක්නා ලදි.
විශේෂයෙන්ම මෙම මෙම අත්සන් ව්‍යාපාරයට මීගමුව එජාප ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත ප්‍රනාන්දු ප්‍රමුඛ නාගරික මන්ත්‍රින් වන සංගීත් ප්‍රනාන්දු වෛද්‍ය හෙන්රි රොසයිරෝ සහ ගිහාන් ප්‍රනාන්දුද එක්ව සිටිනු දක්නා ලදි.
මෙම පහරදිමට විරෝධය පළකරමින් කුරුණෑගලින් ඇරඹි මෙම අත්සන් ව්‍යාපාරය දැනට මඩකලපුව,මාතර ,නුවර ,කොළඹ යන නගර වලදිදි සංවිධානය කර ඇති අතර ලබන සතියේ තවත් නගර කිපයකම සංවිධානය විමට නියමිතව තිබේ.
මීගමුව නගර කේන්ද්‍රකොට ගනමින් මෙම අත්සන් එක්රැස්කිරිමේ ව්‍යාපාරය මීගමුව මාධ්‍යවේදිනගේ එකමුතුව විසින් සංවිධානය කර තිබුණි.

 

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here