මැලේසියානු ගුවන් යානය කැලඹූ ශ්‍රී ලාංකිකයා අධිකරණයට යාම ප්‍රතික්ෂේප කරයි.

0
113
මනොධ් මාක් නැමැති ශ්‍රී ලාංකිකයා
මනොධ් මාක් නැමැති ශ්‍රී ලාංකිකයා
මනොධ් මාක් නැමැති ශ්‍රී ලාංකිකයා

පසුගිය දිනයක තමන් සතුව බෝම්බයක් ඇතැයි කියමින් මැලේසියානු ගුවන් යානයක නියමු කුටියට ඇතුලත් වීම උත්සහ දැරූ ශ්‍රී ලාංකිකයා ඊයේ (ජුනි 01) දිනයේදී අධිකරණයට කැදවා තිබුණත්,තමන්ට අධිකරණයට පැමිණීම අනාරක්ෂිත යැයි සිතන බව පවසමින් අධිකරණයට පැමිණ නැතැයි වාර්ථා වනවා.

මෙම සිදුවීමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණ වලදි හෙලිවී ඇත්තේ මෙම පුද්ගලයා සතුව කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබුණ බවයි. එලෙසම මේ සිදුවීම තස්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බවත් පරීක්ෂණ වලදී හෙලිවී තිබෙනවා.

ගුවන්යානය අනතුරේ බව අගවමින් වැරදි ප්‍රකාශයක් සිදුකල මොහු ශිෂ්‍ය වීසා බලපත්‍රයක් යටතේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන මනෝධ් මාක් නැමැති ශ්‍රී ලාංකිකයෙකි. වික්ටෝරියා පොලීසිය පවසන ආකාරයට ඔහු රැගෙන පැමිණ ඇත්තේ කථන උපකරණයකි.

ඔහුගේ නීතිඥයා විසින් මේ පුද්ගලයාව මානසික සෞඛ්‍ය සම්බන්ද හෙදියක් වෙත යොමු කරන ලෙස ඉල්ලා ඇති අතර,මොහුගේ පෙනුම සහ වයස මෙන්ම මොහුගේ ආරක්ෂාව සම්බන්දයෙන්ද සැලකිලිමත් වන ලෙසත් ඉල්ලා තිබෙනවා.

 

http://www.bbc.com ඇසුරිණි.