මැලේසියාවේ වෙබ් මාධ්‍යවේදීන් හෙට පළමු වරට සයිබර් අධිකරණයට.?

0
57

4084d0d1dc167688ad5bae66390551a8Malaysiakini මැලේසියා කිනි වෙබ් අඩවිය මැලේසියාවේ විකල්ප මාධ්‍ය අතර ප්‍රමුඛ මාධ්‍ය ආයතනයකි. එමෙන්ම එරට තුළ පුරවැසි ජනමාධ්‍යය ඔසවා තැබූ මාධ්‍ය ආයතනයකි.
හෙට  එනම් නොවැ. 18 වනදා ක්වාලාලම්පූර් හි පැවැත්වෙන විශේෂ සයිබ අධිකරණයේ පෙනී සිටීමට මෙම වෙබ් අඩවියේ  ප්‍රධාන කර්තෘ ස්ටීව් ගන් සහ කිනි වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු සහ කිනි TV හි අධ්‍යක්ෂකවරයෙකු වන  පරමේෂ් චන්ද්‍රන් යන මහත්වරුන්ට චෝදනා ගොනු කර තිබේ.

කිනි මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන්  මීට පෙර කිහිප අවස්තාවන් වලදී මැලේසියා රජයේ බලධාරීන්    පරීක්ෂණ පවත්වා ඇති අතර අධිකරණ ඉදිරියේ වරදකරුවන් කර ඇති ප්‍රථම අවස්ථාව මෙය වේ.
පසුගිය නොවැම්බර් 08 වනදා මැලේසියානු සන්නිවේදන සහ බහුමාධ්‍ය කොමිසම (Malaysian Communications and Multimedia Commission)    විසින් කිනි  කාර්යාලය වටලා 2016  ජූලි මාසයේදී  කිනි රූපවාහිනිය ( KiniTV)  විසින් විකාශය කළ  වීඩියෝ පට 2කක් සම්බන්ධයෙන්  පරීක්ෂණ සඳහා  පරිඝණක දෙකක් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගන්නා ලදී.
එයට හේතුව ලෙස බලධාරීන් ප්‍රකාශ කළේ    බටු කවාන් පළාත නියෝජනය කරමින් ,එක්සත් මැලේසියානු ජාතික සංවිධානයේ (UMNO )  හිටපු නායකයෙකු වන කහයිරුදීන් අබු හසාන් විසින්  මැලේසියානු දූෂණ විරෝධී කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් සම්බන්ධව සිදුකළ මාධ්‍ය හමුවකදි කළ ප්‍රකාශයකදි  මැලේසියානු නීතිපතිවරයාට අපහාස සිදුකර ඇති බවයි. එමෙන්ම මෙම මාධ්‍ය සාකච්ඡාව KiniTV මගින් ප්‍රචාරය කර තිබීම වරදක් සේ සලකන බව මැලේසියානු සන්නිවේදන සහ බහුමාධ්‍ය කොමිසම විසින් අනතුරු අගවන ලදී. මෙම මාධ්‍ය සාකච්ඡාවේදි කහයිරුදීන් අබු හසාන් විසින් පාවිච්චි කරන ලද වචන දෙකක් සම්බන්ධයෙන් කිනි මාධ්‍ය ආයතනය වෙත චෝදනා එල්ල වූ පසු  එහි ප්‍රධානීන් විසින් මෙම වචන දෙක ඉවත් කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ අතර ,
මෙම සිදුවීම සම්බන්ධයෙන්  වෙබ් අඩවියේ කර්තෘ ස්ටීවන් ගන් විසින් කියා සිටියේ  අප මාධ්‍යෙව්දීන් ලෙස ජනතාවට තොරතුරු ලබාදීමේ කාර්්‍ය සිදුකර ඇති අතර එය අපරාධයක් නොවන බවයි. නමුත් මැලේසියානු රාජ්‍ය බලධාරීන්  ඉන් සෑහීමකට පත් නොවූ අතර කිනි මාධ්‍ය ආයතනය දඩයම් කිරීම ආරම්භ කරන ලදී.
එහි පළමු පියවර  වූයේ නොවැම්බර් 04 වනදා සවස එක්සත් මැලේසියානු ජාතික සංවිධානයේ (UMNO )  නායකයෙකු වන ජමාල් යූනූස්   රතු ෂර්ට් හැදගත්  කණ්ඩායමක් සමග පැමිණ  පෙටලින් ජයා හි පිහිටා ඇති කිනි  ආයතනය වැටලීමයි. කිනි ආයතනයට ලැබෙන ඇමරිකානු මුදල් සම්බන්ධයෙන්  විමසූ ඔවුන් කියා සිටියේ සොරෝ පදනමෙන් ලැබෙන මුදල් සම්බන්ධයෙන් තොරතුරු ප්‍රකාශ කරන ලෙසයි. එම අවස්ථාවේදී එහි ප්‍රධාන කර්තෘ ඇතුළු ප්‍රධානීන් කිහිප දෙනෙකු විසින් ඔවුන්ට ආරාධනා කර සිටියේ  මාධ්‍ය ආයතනය ඇතුළට පැමිණ සාකච්ඡා කරන ලෙසයි. මෙම ජාති හිතෛශී කණ්ඩායම විසින් නිල නොවන තර්ජනයක් කරමින් කියා සිටියේ අපි ඊළග දවසේ විශාල සෙනගක් සමග පැමිණෙන බවත් එදින එම ජනතාව විසින් මෙම මාධ්‍ය ආයතනය විනාශ කිරීමටද උත්සාහ කරනු ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කිනි මාධ්‍ය ආයතනයේ ප්‍රධානින් පොලීසියට පැමිණිල්ලක් කළ අතර නැවත නොවැ.06 වනදා  පුද්ගලයින් 700ක් පමණ සෙනගක් සමග පැමිණි මෙම කණ්ඩායම එම ආයතනය ඉදිරිපිට විරෝධතාවයක නිරත  වූහ. පැය ගණනක විරෝධතාවය ර අවසානයේ විශාල කුණු ගොඩක් මාධ්‍ය ආයතනය ඉදිරිපිට දමා පිටත්ව යන ලදි.

Malaysiakini editor-in-chief Steven Gan

හෙට දිනයේදී පැවැත්වෙන මෙම විශේෂ සයිබ අධිකරණය පිහිටුවන ලද්දේ මෙම වසරේ සැප්තැම්බර් 01 වනදායි. මෙම සයිබ අධිකරණයේ පැවැත්වෙන පළමු නඩු විභාගය ද මැලේසියා කිනි ආයතනය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව වේ. එහිදී කිනි මාධ්‍ය ආයතනයේ ප්‍රධානීන් දෙදෙනා වරදකරුවන් වුවහොත් එරට මුදලින් රිගිත් 50 000 ක් හෝ  වසරක සිර දඩුවමක් ලැබිය හැකි වන අතර  මේ දඩුවම් දෙකම ද ලැබිය හැකි බවට කිනි වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ.
කිනි ප්‍රධාන කර්තෘ ස්ටීවන් ගන් ප්‍රකාශ කර සිටින්නේ අපි අප වෙනුවෙන් දැඩි ලෙස පෙනීසිටින අතර අප මාධ්‍යයක් ලෙස එම මාධය හමුව  ආවරණය කිරීම කිසිදු අපරාධයක් නොවන බව අධිකරණයේදී ඔප්පු කරන බවත්, අප විසින් ඉටුකර ඇත්තේ මාධ්‍යෙව්දින්ගේ පරම යුතුකම බවයි.

Jamal Md Yunos


කුමාරි ප්‍රනාන්දු/fkumari@gmail.com