මැෂින් කිරි තේ සහ නයෝ…

0
64

රහ කිරි තේ එකක් බිම දැන් මේ නගරයේ අභියෝගයකි.2012 පෙබ 16 වනදා සවස මමත් තවත් මිතුරෙක්ද සමගින් නගරයේ ප්‍රසිද්ධ අවන් හලට ගොඩව එළවළු පැටිස් 2 කක් සහ කිරිතේ දෙකක් ඇනවුම් කළෙමු.

මිළ රු 100 කි.

එහෙත් අප පානය කළ කිරිතේ එකේ මෙලෝ තිබුනේ  නැත. මම මගේ ජංගම දුරකථනයෙන් මැෂින් තේ කෝප්පය පින්තුර ගතිමි. පසුව එහි වු අංකයට කථා කළෙමි. රෝහාන් නැමැති ආයතනයේ ඉහල නිධාරියෙකු වෙත මගේ දුරකතන ඇමතුම යොමු කෙරිනි.

ඔහුට  ඉතා සුහදශලි අයුරින් මා මිළට ගත් මැෂින් තේ එකේ ගුණත්වය ගැන කිවෙමි. ඔහු පවසා සිටියේ ඒ එක් කිරි තේ එකක කිරි ග්‍රෑම් 16 ක් අඩංගු විය යුතු බවය.

මා මුහුණ දුන් මේ තත්වය ගැන විමසා බලන්නට ඔහු පොරොන්දු විය.

අපි දැන් බලා සිටිමු.