මැෂින් තේ බොන්නේ බලාගෙනයි?

0
94

අද බොහොමයක් නගරවල තේ හැදිම මැෂින්කරණයට ලක්ව ඇත.විශේෂයෙන්ම නවින පන්නයට සැකසෙමින් ඇති ආපන ශාල බෙහොයමක ඇත්තේ මේ මැෂින් තේය.

එහෙත් ගැටළු  ව වි ඇත්තේ මේවායේ ප්‍රමිතියයි. දැනට මෙසේ මැෂින් තේ කර්මාන්තයේ නියැලෙන ප්‍රධාන සමාගම් 3 ක් වෙයි. එනම් නෙස්ෙල් ,tealak,බෲ සමාගමයි. මෙයට අමතරව මේ මැෂින් සදහා අවශ්‍ය පිටි පැකට් පමණක් සපයන සැපයුම් කරුවන්ද වෙයි.

කෙසේ වෙතත් මේ සියල්ල බලන්නේ තමන්ගේ ලාභය වැඩිකරගැනිමටය. එහෙත් කනගාටුව වන්නේ එය වැට් ඇත්තේ තේ බොන පාරිභෝගිකයාට ප්‍රමිතියක් සහිත තේ එකක් බිමට ඇති අයිතිය උදුරාගෙනය.

සමාන්‍යයෙන් මැෂින් සපයා ඇති ප්‍රධාන සමාගම් පවසන්නේ මේ එක් තේ එකක් සදහා ග්‍රැම් 16 ක් පිටි අඩංගු කළ යුතු බවය.එහෙත් මෙය බොහෝ තැන්වලදි ක්‍රියාත්මක  නොවේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු සපයමින් කැල්ටන් ආයතනයේ රොෂාන් මහතා පවසා සිටියේ ග්‍රම් 16 ත් ප්‍රමාණවත් නොවන නිසා තමන්ගේ ආයතනයේ තේ එකක් සදහා පිටි ග්‍රෑම් 18 ක් යොදන බවය.