මිගමුවට අදත් මාළු නෑ ! සාලයා රු 650යි !

0
17

( 7.30 am ) මහ සිකුරාදා දිනයේ මිගමුවේ සියලු ලෙල්ලම් වසා දමා තිබුනු අතර පාස්කු ඉරිදායින් පසුව අද ලෙල්ලම් විවෘතව තිබුණද මාළු තොග පැමිණ තිබුනේ නැත.

දූව පිටිපන ලෙල්ලම තුල ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙකු ලග පමණක් මාළු තිබුන අතර ඒවායේ මිළද ඉතා ඉහල අගයක පැවැතුනි.

සාලයා කිලෝවක් රු 650කි.ලින්නා රු 1100කි.පොඩි බලයා රු 1200කි..

ලෙල්ලම මාලු අලෙවිය යථා තත්වයට පත්විමට තව දින දෙකක් වත් ගතවනු ඇතැයි ව්‍යාපාරිකයෝ කියා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here