මිගමුවට සහන සැලැසිමට කියා නගරාධිපති ලක්ෂ 80 ක බඩු අරන් ? වැඩි සහන මලු ප්‍රමාණයක් නිමල් ලංසාටලු ?

0
296

දායන්( 6.15 pm ) මීගමුව දේශපාලන අධිකාරියේ අයියා මලෝ දෙපලට කටුවාපිටිය බෝමබ වුවද , ඩෙංගු පමණක් නොව කොරෝනාද යනුවෙන් වෙනසක් නැත්තේ ඒ සියල්ලේදිම සිදුවන්නේ එක කරුණක් නිසාය.
එනම් ඒ සකලාකාර බරපැන වල වැඩිවාසිය සිය පුද්ගලික දේශපාලන වැඩවලට පමණක් යොදාගැනිම අනිවාර්යෙන්ම සිදුවන නිසාය.
මේ අනුව මෙවර කොරෝනා හේතුවෙන් පිඩාවට පත් ජනයාට බෙදාදිමට යැයි කියා රු ලක්ෂ 80 කට ආසන්න මුදලක් වැය කරමින්  වියළි සහනාධාර ලබාගෙන ඇති බව වාර්තාවේ.
ඒ මහජන බදු. මුදලෙනි.
මේ වියළි සහන මළු විපක්ෂ මන්ත්‍රින් සදහා මළු 50 බැගින්ද , ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් සදහා මලු 100 බැගින් වෙන සේ බෙදා දි ඇති බව ප්‍රසිද්ධ කරුණක් වෙයි. එසේ නම්  ලක්ෂ 80 ක් වැය කොට ගත් ඉතිරි බඩු වලට සිදුවුයේ කුමක්ද ?
එය පැහැදිලිය .
එ සියල්ල පසුගිය කාලය තුල නිමල් ලංසා විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ සිය ආධාරුකරුවන් වෙත ලබා දි තිබෙන බව දැන් ප්‍රසිද්ධ රහස්ය.
ඉන් කියැවෙන්නේ මිගමුවේ ජනයාගේ මහජන බදුමුදල් ලක්ෂ ගාණක් නිමල් ලංසාගේ ආධාරකරුවන්ට බඩු බෙදිම සදහාද යොදවා ඇති බවය.
දැන් ගැටලුව ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රින් හටය.
අප මෙහිදි මිගමුවේ බදු ගෙවන ජනයා වෙනුවෙන් මේ අභියෝගය එල්ල කරන්නේ සිටින්නේ විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් මන්ත්‍රිවරුන් කිපදෙනෙකු හටය.ෂ
මෙවර එජාපයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ගිහාන් බෙන්ජමින් මේ ගැන කියන්නේ කුමක්ද ?
එමෙන්ම විපක්ෂය නායකයා ලෙස නමට පෙනි සිටින රවි ජිවාන්නද මේ දැවැන්ත වංචාව ගැන කියන්නේ කුමක්ද ?
ඒමෙන්ම පසුගිය කාලය තුල විපක්ෂයේ විරයෙකු ලෙසි්න් රගන්නට පටන් ගත් මාක් සුජිත්ලා මේ ගැන නිහඩද ?
තවත් අයෙකි.
එනම් කුරණ ප්‍රදේශයේ නාගරික මන්ත්‍රි  ශ්‍රිණිකය.
මේ සියලු දෙනාද ඇතුළු විපක්ෂය මේ මහා බදුමුදල් වංචාව ගැන මිගමුවේ ජනයාට පැහැදිලිවම වගකිව යුතුව තිබේ.