
පසුගියදා මිගමුවේ රන්ආභරණ වෙළද සැලකට පැමිණ මිළට ගැනිමට මෙන් මුදු තෝරමින් සිටි තරුණයෙකු මුදු කිපයක් රැගෙන පලා ගොස් තිබුණි.
ඒ පවුමක බරකින් යුතු මුදු 4 ක් බව එහි හිමිකරු මේ ගැන වාර්තා කිරිමට ගිය සිරස වාර්තාකරු එම්.ඉසෙඩ් සහජාන් හට පවසා තිබුණි. එහි වටිනාකම ලක්ෂ හතරාමාරත් ,පහත් අතර වන බවද එහිදි පවසා තිබුණි
කෙසේ වෙතත් මේ පුවත කොළඹ කේන්ද්‍රිය මාධ්‍ය කිපයක් විසින් මේ වන විටත් වාර්තා කර තිබෙන අතර ඒ පුවත්වලදි මුදුවල වටිනාකම රු මිලියන 5 ක් බවට පත්ව ඇති අයුරු පෙනේ .
එසේ වන්නේ ඇයි ?
රු ලක්ෂ 5 ක් යැයි සදහන් කලොත් පුවතට වටිනාකමක් නොලැබෙන නිසාද ?
