මිගමුවේදි,රංජන්ට සමාව ගන්න කියයි! රංජන් බෑ කියයි !

0
74

tmp_27735-image-0-02-06-159edffc4db285bd4b9a076ff89861e6d9f88bf0ca073665b9a05b09e68495fd-V959149298මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිළධාරින් සහ සේවකයන් අද විරෝධතාවයකට එක්වෙමින් කියා සිටින්නේ දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරියගේ සිද්ධිය අරභයා නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක සමාව ගතයුතු බවය.රාජ්‍ය සේවකයන්ට අත නොතබනු යැයිද ඔවුහුඅද දිනයේ අවධාරණය කර සිටියේය.
අද පෙ.ව 9.30 ට පමණ ආරම්භ වි තිබුණි
සිය වසම් වල රාජකාරි කටයුතු වලින් අද දිනයේ ඉවත්ව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතට වාර්ථා කරන ලෙස මීගමුවේ සියළුව ග්‍රාම නිලධාරින් වෙත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් දන්වා ඇති බවද සැලය.එමෙන්ම සමෘද්ධි නිළධාරින්ද ,සංවර්ධන නිළධාරින්ද මේ විරෝධතාවයට එක්ව සිටිනු දක්නා ලදි.
මේ අතර ඊයේ දිනයේ පුවත් පත් සාකච්ජාවක් පවත්වත්වමින් නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක කියා ඇත්තේ තමන් කිසි විටකත් දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරියගෙන් සමාව ගන්නට සුදානම් නැති බවය.
මීගමුවේ රාජ්‍ය නිළධාරින්ට දේශපාලකයන් විසින් කුණුුහරුපයෙන් බනිද්දි මෙන්ම දශකයකටත් වැඩිකාලයක් අතිශය දුෂිත වංචා සිදුවෙමින් තිබෙද්දිත් ඒවා ගැන කිසිදු විරෝධයක් නොදැක්වු  මීගමුවේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිළධාරින්ට සහ සේවකයන්ට ඔවුන් ඇත්ත වශයෙන්ම සිටින්නේ යුක්තිය පැත්තේ නම් හෙට දිනයේ සිට දිනපතාම විරෝධය පළකරන්නට තරම් සිදුවිම් මීගමුවේ ඇති බවද මතක් කර ගතයුතුයැයි මීපුර වෙබ් අඩවිය අමතා මීගමුවේ බදු ගෙවන පුරවැසියෙකු කියා සිටියේය.
විශේෂයෙන්ම ඔහු අවධාරණය කර සිටියේ 2016 මැයි 16 වෙනිදා මීගමුව මහනගර සභාවේ ලේකම්තුමියට නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා විසින් කුණුහරුපයෙන් බැනවැදිම රාජ්‍ය සේවයට කරන ලද අපහාසයක් නොවේදැයි මේ අයගෙන් ඇසිය යුතු බවය.ඡායා-එම්.ඉසෙඩ් සහජාන්