මිගමුවේදි කාන්තා දිනය සමරමු හැටි ගැන අලුත් කථාවක්

0
812
158282148 1262791510781309 8731396741683401967 n158423099 1262791517447975 1131739899103920581 nඅද අපි ලන්ච් ටයිම් එකේ කෑමත් අරගෙන ගියා මීගමුවෙ ඉන්න, වැඩ කරන කාන්තාවන්ට අපේ ගාණේ දවල් කෑම දෙන්න. සිකුරිටි ඇන්ටිලා, මාර්ගය පිරිසිදුව තියාගන්න උදේ දවල් මහන්සි වෙන ශක්තිමත් කාන්තාවන්, වීර පොලිස් නිළධාරිණියන්, තමන්ගෙම කියලා ස්වයං ව්යාපාරයක් කරගෙන යන දිරිමත් කාන්තාවන් වගේ ගොඩාක් පිරිසකට අද අපි පොඩි කෑම වේලක් දීලා අපේ ගෞරවය පුද කලා අපිට හැකි පමණින් 🏅
158441819 1262791514114642 4731803973147352531 n158554543 1262791520781308 7991057948720100897 n
අපි කෑම දෙන්න යද්දි මේ හැමෝම වගේ බොහොම අහිංසක විදියට කියපු එක දෙයක් තිබ්බා, ඒ තමයි “ඊයෙනේ කාන්තා දිනය, දැන් කාන්තා දිනය ඉවරයිනෙ” කියන එක. අපි හිතලම ඊයේ නැතුව අද මේ වැඩේ කරන්න හිතුවෙත් අන්න ඒ පණිවිඩේ සමාජෙට දෙන්න හිතාගෙනමයි.
එතකොට අපි හිනාවෙලා ඒ හැමෝටම කිව්වා, “ඔයාලා වගේ කාන්තාවො එක දවසක් නෙමෙයි, හැමදාම සමරන්න ඕනෙ” කියලා 🌹
159146463 1262791524114641 2601363596864538253 n 159261879 1262791507447976 433909655835516883 n
බත් එකට වඩා ඒකට හිතයි බඩයි දෙකම පිරුණා කියලා හිනාවලින්ම තේරුණා.
කාන්තාවන් සමරන්න, ඊයේ වගේම හැමදාමත් ❤️
උපුටා ගැනිම මිපුර වයිනීස් ෆේස් පිටුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here