මිගමුවේදි ජවිපෙට විපක්ෂයේ වගකිම මඟහැරුන හැටි…

0
139

මිගමුව යන මහජන බදු මුදල් වලට කිසිදු අයුරකින් වගකිමට බැඳිමක් ඇතැයි කියාවත් හිතන නගර පාලනයක් නැති නගරයකි.
පරිපාලන අධිකාරියද ඊට දෙවෙනි නැත.
ඒ අයගෙන් බහුතරයක් සැදි පැහැදි සිටින්නේ මජර නගර පාලනයේ සකලාකාර හොරකම් වසාගැනිම සදහා පරිපාලන ක්ෂේත්‍රයේ සියලු වෘත්තිය ආචාර ධර්ම සියල්ල පාවා දෙන තැනට කටයුුතු මෙහෙයවමිනි.


මෙයට කදිම ආසන්නම නිදසුන වි තිබුනේ මිගමුව කොච්චිකඩේ පොරේක වත්තේ හොර රහසේම ඉදිකරමින් ඇති ගොඩනැගිල්ලය.
ඒ ගැන අවට ජනයා හෝ අවම තරමින් ජනතා නියොජිතයන් වත් දන්නේ නැත.
කිසිදු මහසභා අනුමැතියක්ද නැත.
මේ ඉදිකිරිම ගැන නාගරික කොමසාරිස්වරියගෙන් නාගරික මන්ත්‍රි කපිල නන්දසුලචෝදන විමසා සිටි අවස්ථාවේදි ඇය කියන්නේ බොරුවකි.ඇයට අනුව එය රථ ගාලකි.
දැන් ඇත්ත එලියට පැන ඇත. ඒ නගාධිපති දයාන් ලංසා විසින් මෙවර මහසභාවට ඉදිරිපත් කරන ලද කොච්චිකඩේ කුණු ව්‍යාපෘතිය යෝජනාවද සමගිනි.
කුණු කළමණාකරණය කොයිතරම් වැදගත් වුවද එය කටාත් හොරා නිසි නිළ අනුමැතියකින් තොරව කරනු ලබන්නේ නම් අනිවාර්යෙන්ම එය ගැටලු සහගත එකක් වනවා නියතය. මේ සැකය දැන් තවත් වැඩිවන්නේ මෙම ව්‍යාපෘතිය කුට්ටිදුව ජනයා විසින් එක හඩින්ම එපා යැයි කියා ගමෙන් එලවා ගත් යථාර්ථයක්ද ඇති පසුබිමකය.
තතු මෙසේව තිබියදි මිගමුව මහනගර සභාව සිටින ප්‍රතිපත්තිගරුකම පක්ෂය වන ජවිපෙට පැවරෙන වගකිම අතිමහත්ය.
ඒ මිගමුවේ බදු ගෙවන ජනයා වෙනුවෙන් මේ මජර පාලනය ඇති තතු පෙන්වා දෙමින් මහසභාව තුල නොබියව පෙනිසිටිමටය.
එසේ කරන්නනට නම් මිගමුවේ ජවිපෙ මන්ත්‍රිවරුන් දෙදෙනා නිසි ලෙසින් න්‍යාය පත්‍රයත් අදාල ප්‍රශ්ණ ගැනත් විමර්ශණිශිලි අධ්‍යයනයන් කොට සභාවට පැමිණ මැදිහත්විය යුතුව තිබේ.
එහෙත් දැන් එවැන්නක් ඉටුවන බවක් පෙනෙන්නට නැත.නිදසුනක් ලෙස කෝච්චිකඩේ පොරේක වත්ත කුණු ව්‍යාපෘතියට අදාලව පළාත්පාලන නිති රෙගුලාසි ප්‍රකාරව අක්‍රමිකතා රැසක් තිබියදි ජවිපෙ මේ ප්‍රශ්ණය ගැන නිහඩව සිටි.
විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් මෙයට එරෙහිව ව ඡන්දය ලබාදෙන විට ජවිපෙ නිහඩව සිට ඇත.
අනුරලා රජපක්ෂලාට එරෙහිව කොන්දේසි විරහිත , දැවැන්ත අරගලය කරද්දි මිගමුවේ ජවිපෙ ජනතා නියෝජිතයෝ ලංසාලා ඉදිරියේ ඇඹරෙන්නට ඇවැසි නැත.
ප්‍රතිපත්තගරුකව මිගමුවේ බදු ගෙවන ජනයා වෙනුවෙන් වැඩියෙන්ම පෙනි සිටිය හැක්කේ ඔවුන්ට බව අමුතුවෙන් කිව යුතු නැත.
එදා ශිරාන්ලා මිගමු මහනගර සභාව තුල ඉටුකර මෙහෙය යළි යළිත් අපගේ සිහියට නැගේ