මිගමුවේ අයවැය සහ එජාපේ පාසිකුඩා මන්ත්‍රිලා !

0
219

UNP MPs on fuel hike issueනගරයක සංවර්ධනය වෙනුවට පවුලකට ගාන කැපෙන අයවැයක් දැන් නිර්මාණය වි තිබේ.එය තවත් දින කිපයකින් ඉදිරිපත් කිරිමට නියමිතය.
නගරාධිපති දයාන් ලංසා කල්පනා කරන්නේ ඒ අයවැය ඒකමතිකව සම්මත කරගැනිමටය.ඒ සදහා ඔහු ට්‍රිප් අල්ලසක්ද ලබාදි ඇත. ඒ පාසිකුඩාවලට සුපිරි සවාරියකි.
මේ සවාරියට දැන් එජාපේ ඇතැම් මන්ත්‍රිලාගේ ගිණිකන වැටි ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි එජාප ශාඛාවේ ලේකම් රවි ජිවාන්නද මන්ත්‍රිවරයා කියා සිටියේ මේ සවාරිය සදහා 15 දෙනෙකු මේ ගමනට නම් දි ඇති බවය.
අප විසින් පළකරන ලද මේ පුවත ගැන ඇතැම් එජාප මන්ත්‍රිවරුන් කියා ඇත්තේ මිපුර විසින් එජාපෙ මන්ත්‍රිවරුන් අතර බෙදිමක් ඇති කරන බවය.
එය නිවරදිය .
දයාන් ලංසාගේ ට්‍රිප් අල්ලස් වලට යටකරගත හැකි සහ නොහැකි යනුවෙන් මන්ත්‍රිලා දෙවර්ගයක් ඉදිරියේදි මිගමුව ජනතාවටත් එජාප ජාතික නායකයන්ටත් රටටත් හෙළිදරව් වනු ඇත.
ඉදිරියේදි අප පාසිකුඩා නොයන මන්ත්‍රිවරුන් කව්දැයි මිගමුවේ ඡන්දදායකන්ගේ දැනගැනිම සදහා ඉදිරිපත් කරන්නෙමු.
රටතුල මෙන්ම මිගමුවේදි ද ඇත්තේ ශිෂ්ඨත්වය සහ අශිෂ්ඨත්වය අතර ගැටුමකි.
මිගමුවේ ඇතැම් එජාප මන්ත්‍රිලා  දැන් ගිණිකන වැටි පාසිකුඩා සවාරියට සැදි පැහැදි පේවි සිටිති.ඒ අශිෂ්ඨයන් හා කරේ අත දාගෙන කා බි නටා ප්‍රිති විමටය.

මිගමුවට ප්‍රතිපත්තිගරුක මන්ත්‍රිවරුන්  ඉදිරියේදි පත්කරගත යුතුව ඇති බව මේ සියල්ල විසින් නැවත නැවතත්  ඔප්පු කරමින් තිබේ.