මිගමුවේ ආපනශාලා වලට   තත්ව සහතික දෙන්නේ කවදාද?

0
196

උත්සව සමය වෙනුවෙන් වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම සඳහා දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා තිබුණි.

. මෙතෙක් සිදුකළ වැටලීම්වලදී උත්සව සමය වෙනුවෙන් සකස් කළ ආහාර ද්‍රව්‍ය සාම්පල් රැසක් රස පරීක්ෂකවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති උපුල් රෝහණ  කියා සිටින අතර  ආහාර නිෂ්පාදන ආයතනවල ආහාර සකස් කරන පුද්ගලයින්ගේ වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කර ඇති බවද සඳහන් කර තිබේ.

මේ නගරවල ආපනශාලා වර්ගීකරණයට ලක්කෙරෙන H800මිගමුවටද හඳුන්වාදිම සඳහා මහජන සෞඛ්‍ය නිලධාරින් වසර ගණනාවක සිට උත්සාහ ගනිමින් සි⁣ටියද තවමත් එය ඉටුකරගැනිමට නොහැකි වි ඇත.

මිගමුව හා අවට ඇති ඇතැම් සුපිරි ගනයේ හෝටවල් වලද සෞඛ්‍ය නිති රිති වලට පටහැනි ආකාරයෙන් ආහාර ගබඩා කර තිබිම ගැන වාර්තාවි තිබේ.