එහෙත් එය කිසිදාක එළියට පැමිණිෙය් නැත.
එදා මෙදා තුර සෞඛ්‍ය අංශයට අදාල සියළුම බලධරයන්ගෙන් මේ ගැන විමසා සිටිය ද ලැබුණේ එකම පිළිුතුරකි.
එනම් බාලගිරි දෝෂය අද නොවේ හෙට යනුවෙනි.
එහෙත් මේ සෞඛ්‍ය ලොක්කන්ගේ හෙට කිසිදාක උදාවුයේ නැත.
මේ නිසාම මීගමුවේ ආහාර පාන ක්ෂේත්‍රයේ වෙළෙන්දෝ ඇති තරම් පිස්සු කෙලිති.
කද පමණක් ඩිජිටල් ඔළුව කචල් පාලකයන්ගේ පාලනයේ තිත්ත ඇත්ත මෙයයි.
මිගමුව මහනගර සභාවේ වැඩිම කාලයක් සෞඛ්‍ය කමිටු සභාපතිවරයා වුයේ සෞඛ්‍ය ගැන මෙලෝ මල බෝලයක් දන්නේ නැති දයාන් ලංසාය. දැන් ඔහු නගරාධිපතිය.
මේ බහුතරයක් PHI මහත්තුරු ද ලංසලා පවුලට බයය.
ලංසාට උඩින් ගියහොත් සිදුවන දේ ඔවුන් දනි.
එබැවින් ඇතමෙකු ලංසාකරණය වි මිගමුවෙන් දැන් හොද හැටි හම්බකරගෙන සිටිති.ලංසාකරණය විමට කැමති රාජ්‍ය නිලධාරින්ට ලැබෙන ඉහලම වරප්‍රසාදයයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් අනෙකුත් ක්ෂේත්‍රවලද තත්වය මෙයයි.
එහෙත් ප්‍රතිපත්තිගරුක වැඩක් කරන්නට කැමැති දැනුමත් ඇති මහජන පරික්ෂකවරු දෙතුන් දෙනෙක් සිටිති. එහෙත් ඒ අය අසරණය.
මේ අය අතර සිටින ජේෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් අප මිගමුවේ ආපන ශාලා වර්ගිකරණයට මොකද වුනේ යැයි අසා සිටියොත් ඔවුන් විලි ලැජ්ජාවේ ඇඹරෙනු නියතය.මන්ද වසර 15 ක් ඉක්මවා තිබුනද මිගමුවේ ආපනශාලා ශ්‍රේණිගත කරගැනිමට නොහැකි ඇති නිසාය.
මිගමුව යන බස්නාහිර පළාතේ වේගයෙන්ම වානිජකරණය කර යන නගරයයි. එහෙත් අවාසනාවකට එහි උපරිම ඵල නෙලාගත නොහැකිව ඇත්තේ කඳ පමණක් ඩිජිටල් ඔළු කචල් පාලකයන් එය පාලනය කරන නිසාවෙනි.
දැන් රටතුල මතුව ඇති අලුත් තත්වය හමුවේ හෝ ප්‍රමිතිගත ආපනාශාලා සංස්කෘතියක් බිහිකිරිමේ වගකිම වෙනදාටත් වඩා ඉදිරියට පැමිණ තිබේ.
.