මිගමුවේ කැඩුනු මාළු කඩේ බලන්න ඇමතිලා එයි ?

0
96

කැඩි විනාශ වි ගිය මාළු කඩේ

රු ලක්ෂ 400 ක වියදමින් රජය විසින් ඉදිකරන්නට යෙදුන මිගමුවේ මාළු වෙළද සංකිර්ණය මේ වන විට කැඩි විනාශ වි ගොස් තිබේ.
එයට මුලිකම හේතුව වි තිබුනේ මුහුද ආසන්නයේ කල්පවතින ලෙසින් මෙම ඉදිකිරිම සිදුකිරිමට එදා නිමල් ලංසා ප්‍රමුඛ ආදල රාජ්‍ය නිලධාරින්ට නොහැකි විම නිසාය.
සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමට යැයි කියා ජයිකා ආධාර යටතේ මිගමුව මහනගර සභාවේ පාලනයට භාර දුන් මෙම මාළු වෙළද සංකිර්ණය නිමල් ලංසා විසින් එදා මිගමුව වැල්ලවිදිය පල්ලියට පවරා ඉන් අනතුරුව තමන්ගේ පියාට එය ටෙන්ඩර මගින් ලබාදිමටද කටයුතු කළ තිබුණ අයුරු මිගමුවේ ප්‍රසිද්ධ රහසකි.
මහනගර සභාවට පැහැදිලි ලෙසින් ආදායම් ලබමින් නිසි පරිදි මෙම මාළු වෙළද සංකිර්ණය නඩත්තු කිරිමට අවස්ථාවක් මේ නිසාම නොලැබි ගිය අතර මේ වන විට මේ මාළු කඩය කැඩි විනාශ වි ගොස් තිබේ.

ඒ විනාශයට මුලික වශයෙන් මග පැදු නිමල් ලංසාද ඊයේ දිනයේ මිගමුවේ මාළු කඩය අසල වෙරළ තීරය ගැන බලන්නට තවත් ඇමතිවරයෙකු හා මිගමුව පැමිණ තිබිම සැබැවින්ම දෛවයේ සරදමක් වැනිය

තතු එසේව තිබියදි මීගමුව කුට්ටිදූව මාළු ලෙල්ලම අසළ වෙරල තීරයේ සංරක්ෂණ කටයුතු සිදුකර ධීවර ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව සොයා බැලීමට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පිරිසිදුකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් සමග එම ප්‍රදේශයේ සංචාරයක නිරත තිබුණේ යැයි රාජ්‍ය ඇමති නිමල් ලංසා සිය ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබේ

වෙරළක් කිසිදා පල්ලියකට අයිති නැත. වෙරළ සංරක්ෂණ ඇමති විසින් මුලින්ම කළ යුතුව ඇත්තේ වෙරළේ අයිතිය බේරාගැනිමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here