මිගමුවේ කොන්ක්‍රිට් මාෆියාවට පරණ අවුරුද්දේ දුන්න අලුත් අවුරුදු තෑග්ග…

0
82

පාරවල් වල් නම් ලංසලා කොන්ක්‍රිට් නම් චමින්දලා යැයි දැන් මිගමුවේ අලුත් කථාවක් පටබැදි තිබේ.
ඒ රටම දන්නා කියනා වෙනත් ජාවාරම් වලට අමතර රටත් මිගමුවත් දන්නා පාරවල් වලින් ගැහිල්ල ලංසා පවුල කොයිතරම් නම් පෝසත් කර ඇද්දැයි කියාය.
පසුගිය අයවැය අවස්ථාවේදි විපක්ෂ නායක රොයිස් විජිත විසින් සිය කතාවේදි මතු කර තිබුනේ ලක්ෂ 1000 කට වැඩි මුදලක් මිගමුව මහනගර සභාව කොන්ත්‍රාත්කරුවන්ට ණය බවයි.
සැබැවින්ම මේ ණය මුදලින් වැඩි කොටසක හිමිකරුවා වන්නේ කොන්ක්‍රිට් චමින්ද යැයි නම් පටබැදි ඇති එදා සමාන්‍ය පුද්ගලයෙක්ව සිට මේ වන විට කෝටි ප්‍රකෝටිපතියන් අතරට යමින් සිටින අයෙකු හටය.
පසුගිය වසරේ අවසන් දිනයේදි තවත් ගොඩනැගිල්ලක් සදහා කොන්ක්‍රිට් මාෆියාවට කොන්ත්‍රාත්තුවක් ලැබි තිබුණි.ඒයට රු කෝටි ගණන එකකි.
මිගමුව වැල්ල අල්ලාගෙන එයින්ද හම්බකරගනිමින්ද දේශපාලන කප්පම් ලෙසින් වැල්ලවිදිය පල්ලියට ලබාදෙමින්ද මිගමුව වැල්ල ජනතාවට අහිමිකළ ලංසා පවුල මේ කසල සැකසුම් යැයි ලේබල් ගසා විදෙස් ආධාරයක් මත පැරණි මිපුර සිනමා ශාලාව තිබුණ ඉඩමද ඉව අල්ලා එහි ගොඩනැගිල්ලක් තැනිමේ කටයුතු අරභා තිබුණි.ඒ මහනගර සභාවේ කිසිදු අනුමැතියකින්ද තොරවය.
එපමණක් නොව එම භුමියටද අදාල නිසි භුමි ප්‍රමාණයන් ගැන පවා නිවරදි හා නිත්‍යාණුකුල ඔප්පුවක්ද මේ වන තුරුත් නැති පසුබිමක යැයිද වාර්ථා වේ.