මිගමුවේ ගිනි නිවන ඒකකයේ වාහන මහ රෑත් ලංසට වැඩ ?

0
105

IMG-20200627-WA0059මීගමු මහනගර සභාවේ නගරාධිපති දයාන් ලංසා සහ මීගමුව ගිනි නිවන ඒකකයේ ගිනි සමන් නැමැත්තා එක්ව ඉතාමත් නිර්ලජ්ජිත ආකාරයෙන් ගිනි නිවන ඒකකයේ වාහන නිමල් ලංසාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදාගනිමින් තිබේ.අදත් රාත්‍රියේ එකි වාහන යොදාගෙන නිමල් ලංසාගේ වැල්ලවීදියේ මැතිවරණ කාර්යාලයේ වැඩබව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් දැනටමත් අවස්ථා ගණනාවකදි අදාල බලධාරින් වෙත දන්වා සිටියද මේ  මැතිවරණ දුෂණ වලකාලිමට ඒ කිසිවෙකුටවත් නොහැකි වි තිබේ..
එමෙන්ම මිගමු නගරසභාවේ සේවකයන්ද මේ කාර්යාලයේ වැඩට අද රාත්‍රියේත් යොදාවාගෙන තිබුණි.
මෙයට අමතරව ව්‍යාපෘතිකම්කරුවන් ලෙසින් බදවා ගෙන ඇති කාන්තාවන් 10 දෙනෙකු මිගමු මහනගර සභාවට ගොස් එහි ඇඟිලි සලකුණු තබා වැල්ලිවිදියේ නිමල් ලංසාගේ මැතිවරණ කාර්යාලයේ දේශපාලන වැඩ සදහා යන බව දැන් ප්‍රසිද්ධ රහසකි.
එහෙත් සමස්ත රාජ්‍ය සේවයටම නිගාවක් වි ඇති තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරියට ඒ ගැන වගක් නැත.