මිගමුවේ ගොඩනැගිලි කීයකට ප්‍රමිතිගත ගිනි සහතිකයක් තිබෙනවාද ? ( විඩියෝ )

0
84

fire newමිගමුවේ ගොඩනැගිලි ඉදිකිරිම් වලදි සිදුව ඇති අක්‍රමිකතා පිළිබදව විමසා බැලිමේදි පසුගිය කාලය තුල මතුවු එක් ප්‍රධාන කරුණක් වුයේ ඇතැම් තාක්ෂණ නිළධාරින් විසින් මාටියා පාර ගසා ප්‍රමිතිගත නැති ගොඩනැගිලි පවා ඉදිකිරිමට අවසර ලබාදි තිබිම නිසා ඇතැම් කඩාවැටි අනතුරුදායක තත්වයන් පවා නිර්මාණය කර ඇති බවය.එපමණක් මේ අනතුරුදායක තත්වයම මෙසේ ඉදිවෙන ගොඩනැගිලිවල ගිනි සහතික සම්බන්ධයෙන්ද පවති.
එකි ගිනි සහතික නිකුත් කිරිම මිගමු ගිනි නිවන ඒකකයේ අදාල ප්‍රධානින් විසිනු සිදුකළ යුතුය.
එහෙත් ඒවා එලෙසින්ම ප්‍රමිතිගත ලෙසින් සිදුවන්නේද යන්න දැන් ගැටලු සහගතය.
පසුගිය කාලය තුල සිදුව තිබුන ඇතැම් ගිණි ගැනිම් වලදි හෙළිව තිබුනේ ප්‍රමිතිගත ලෙසින් අදාල ගොඩනැගිලි ඉදිකර නොතිබුන බවය.
නිදසුනක් ලෙසින් මිට වසර කිපයකට පෙර සිදුව තිබුන ඩිජිටෙක් ආයතනයේ ගින්න නිවිමට ගිනි නිවන අංශ ගියද එහිදි දැනගන්නට ලැබුනේ මෙම ගොඩනැගිලිවල සිටින අයට ආරක්ෂිතව ඉන් ඉවතට යාමට නිසි ප්‍රවේශ මාර්ග සකසා නොතිබුන බවය.
මේ අනුව මේ පිලිබදව පුළුල් විමර්ශනයක් කළ යුතුව තිබේ.