මිගමුවේ ජනතා විරෝධි යෝජනා රැසකට ජවිපෙ සහය ?

0
107

ඊයේ පැවැති මිගමුව මහසභා රැස්විමේදි ජනතා විරෝධි යෝජනා කිපයක්ම ඉදිරිපත්ව තිබුණ අතර ඒවාට එරෙහිව එහි සිටි ජවිපෙ නාගරික මන්ත්‍රිවරුන් ක්‍රියා නොකිරිම ගැන මේ වන විටත් විපක්ෂයෙේ ඇතැමුන්ගෙන් බරපතල චෝදනාවක් එල්ල වි තිබේ.
වාර්තා වන අන්දමට ජවිපෙ නියෝජිතයන් සිය ඡන්දය විරුද්ධව භාවිතා කොට ඇත්තේ අභ්‍යාස පොත් පිළිබඳව කර තිබුණ යෝජනාවට පමණි.
අනික බොහෝ යොජ්නාවලට එක්කෝ ජවිපෙ පක්ෂව ඡන්දය ලබා දි තිබුන අතර අනික් බොහෝ අවස්ථාවලදි කිසිු ප්‍රකාශක් නොකර ඡන්දය දිමෙන් වැලකි සිට ඇත.

විශේෂයෙන්ම පසුගිය කාලය තුල මහත් ආන්දෝලනයකට තුඩු දුන් නගරාධිපති දයාන් ලංසාගේ පරිහරණයට ලබාගැනිමට යන රු ලක්ෂ 7කැමරාවටද ජවිපෙ මන්ත්‍රිලාගේ කිසිදු විරෝධයක් එල්ල වි නැතැයි සැලය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි ජවිපෙ මිගමු කණ්ඩායම් නායක ගාමිණි මහතා කියා සිටියේ එසේ කළේ තමන්ග් දේශපාලන න්‍යාය පත්‍රයට අනුව බවය.

මිගමුවේ ධිවරයන්ද ඇතුලු ජනතාව බඩගින්නේ සිටින මොහොතක රු ලක්ෂ 7 ක් කැමරාවක් මහජන බදු මුදලින් මිගමුව නගරාධිපතිවරයාගේ පුද්ගලික ප්‍රයෝජනයට ලබාගැනිමට එරෙහිව නොවිම ජවිපෙ දේශපාලනයදැයි අප පෙරළා ප්‍රශ්ණ කරමුග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here