මිගමුවේ ජාවාරම්කාර දේශපාලනයට එරෙහිව නව බලාපොරොත්තුවක් !දොස්තර හෙන්රි ජනබලයෙන් මිගමුවට !

0
75

dr.henry 1මෙවර මිගමුවේ මැතිවරණ සටන තුල ජනනාවට වගකිව හැකි සිය ජිවන චරිතය තුලින් එය දැනටමත් ඔප්පු කර ඇති අපේක්ෂකයන් සිටින්නේ ඉතා පැහැදිලිවම එක් අයෙකු පමණි.
ඒ හිටපු එජාප නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි රොසයිරෝය. පේ
මීගමුවේ සියලු පක්ෂවලින් මෙවර තරඟ වදින එකම උගත් වියතා වන්නේද ඔහුය.
මීගමුව මහනගර සභාව තුල නාගරික මන්ත්‍රිවරයෙකුව සිටි කාලයේ වෛද්‍ය හෙන්රිට කිසිවිටකත් ලංසා පවුල සමගින් ඩීල් තිබුනේ නැත.එය ජනතාව හමුවේ ඔහුට ඇති ඉතා ඉහලම දේශපාලන චරිත සහතිකයයි.ඒ සහතිකයට කිට්ටුවිමට සැබැවින්ම මිගමු තරග බිමේ සිටින අන් කිසිවෙකුටත් නොහැකි බව ඉතා පැහැදිලිය.
ඒ නිසාම එවැනි දේශපාලන චරිත සහතිකයක් නිතැතින්ම ලැබිය හැක්කා වන්නේද ඔහුමය.
ලංසා පවුල විසින් කාබාසිනියා කර ඇති මිගමුවට නව දේශපාලන නායකත්වයක් මගපෙන්විමක් සැබැවින්ම අවැසිව ඇති මොහොතක ඔහු ජාතික ජනබලවේගයේ මිගමුවේ අපෙක්ෂකයා ලෙසින් ඉදිරිපත්ව සිටි.
ඔහුට මිගමුව ගැන ඉතා නිවරදි අවබෝධයක් තිබේ.
ඊයේ මිගමුවේ මාධ්‍ය සමාජය විසින් සංවිධානය කර තිබුණ විශේෂ මාධ්‍ය හමුවකටද එක් වෙමින් මිගමුව තුල මේ වන විට තරුණ පරපුර මෙන්ම සිසු පරපුරද විනාශයට ඇද දමා ඇති මත්ද්‍රව්‍ය වසංගතය ගැන කරුණු රැසක් එළි කර සිටියේය.
මිගමුවත් එහි තරුණ පරපුරත් විනාශය කරා ගෙන ගිය මංකොල්ලකාරි ජාවාරම්කාර කළු සල්ලි පවුල් වලට  එරෙහිව සැබෑ අවංක දේශපාලන නායකත්වයක් දිමට මේ අනුව වෛද්‍ය හෙන්රි රොසයිරෝ වැන්නන්ට ඉතා ඉහල ඉඩ කඩක් දැන් නිර්මාණය වි තිබේ.