මිගමුවේ තෙප්පම් ධීවරයෝ කි.මි 2කේ මුහුදු අයිතිය ඉල්ලති.

0
234

6මිගමුවේ වැල්ලවීදිය කේන්ද්‍රකොට ගෙන අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක තෙප්පම් ධිවරයන් මේ දිනවල බරපතල රැකියා අර්බුදයකට මුහුණ දි සිටිති.ඒ යාන්ත්‍රික කුඩාබෝට්ටු ධීවරයෝ පිරිසක් විසින් කරගෙන යන කිසියම් නීති විරෝධි රැකියා පන්න ක්‍රමයක් හේතුකොටගෙනය.පෝඩු දැල් නමින් හැදින්වෙන මේ එක් පන්න ක්‍රමයක් ක්‍රියාත්මක අවස්ථාවේදි මුහුදේදි අත්අඩගංගුවට ගැනිමට ලියවර ගතයුතු යැයි අදාල බලධාරින් නියෝග දි තිබුණි.කොටුදැල් නම් වු අනික් පන්න ක්‍රමය තහනම්කරගැනිම මේ දිනවල තෙප්පම් ධීවරයෝ අරගලයක නිරතව සිටිති. මේ ගැන මිපුර වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් තෙප්පම් ධීවරයෝ කියා සිටින්නේ වෙරළේ සිට කි.මි 2දක්වා රැකියාව කිරිමේ අයිතිය ⁣යාන්ත්‍රික නොවන රැකියාකරුවන් පමණක් වෙනුවෙන් යැයි දැනට ඇති ගැසට් නිවෙිදනය ක්‍රියාත්මක කරමින තම අයිතිය තහවුරු කිරිමට බලධාරින් පියවර ගත යුතු බවය.

 

Save