මිගමුවේ දුෂිත ටෙන්ඩර් ගණුදෙනු සම්මතයි !එජාපෙ මඟහරියි!

0
113

අද පැවැති මිගමු මහනගර සභා රැස්විම වඩාත් තිරාණාත්මක එකක් වි තිබුනේ අන්ත දූෂිත ටෙන්ඩර් ගණුදෙනු රැසක් අද මහසභාවේදි සම්මත කර ගැනිමට නියමිතව තිබුන බැවිනි.එජාප ආසන සංවිධායක බෙන්ජමින් ඇතුලු බහුතර එජාප මන්ත්‍රීන් ගණනක් අද පැවැති මහසබා රැස්විමට පැමිණ තිබුනේ නැත.

18 දෙනෙකුගෙන් යුත් වත්මන් එජාප නාගරික මන්ත්‍රී මණ්ඩලයෙන් අද මහසභා රැස්විමට පැමිණ මේ දුෂිත ගණුදෙනු වලට එරෙහි වි තිබුනේ 6දෙනෙකු පමණි.

සංගීත් පෙරේරා ,නාමල් වේවැල්දෙණිය,සුමිත් ප්‍රනාන්දු ,රොෂාන් ප්‍රනාන්දු සහ චාමර යන මන්ත්‍රීවරුන් සහ කාංචනා යන නාගරික මන්ත්‍රීවරිය පමණක් අද එජාපය නියෝජනය කරමින් මහසභාවට පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here