මිගමුවේ ධිවරයන් බඩගින්නේ, මාධ්‍ය සංදර්ශන පවත්වමින් නගරාධිපති වඳුරන්ටත් කෑම බෙදයි !

0
252

නෝ මනි නෝ හනිමාසයකට ආසන්න කාලයක් නිසි රැකියාවක් අදායමක් නැති මිගමුවේ දහස් ගණනක් අසරණව සිටිති. මේ අය අතර ධිවර ප්‍රජාවද ප්‍රධාන වේ.
අද වන තුරුත් ධිවරයන් හට කිසිදු සහනයක් කිසිවෙකු හෝ විසින් සිදුකර තිබුනේ නැත.
රජය විසින් ලබාදෙන රු 5000 දිමනාවද තවමත් ලැබි නැත.
මේ අතර මිගමුවේ කලපු දුපත් ද හිමිකරගනිමින් මීගමු දේශපාලන අධිකාරියේද උපරිම සහය ලබමින් හෝටල් සහ සංචාරක බෝට්ටුද  කලපුවට බස්සා ඇති ගුරු ගේ නම් වු ව්‍යාපාරිකයා විසින් මිගමුවේ කලපු දුපත්වලට වලට ඔහුගේ සංචාරක කර්මාන්තයට ආකාර්ශනයක් ගෙනඒම සදහා ගෙනවිත් දමා ඇති වදුරන් කෑම නැති කමින් පෙළෙද්දි මිගමුව නගරාධිපතිවරයා සහ  මිගමුවේ තවමත් ව්‍යාපාරිකයන්ද හා එක්ව ගොස් මේ වදුරන්ට යහමින් පළතුරු ලබාදෙන ආකාරය දැක්වෙන මාධ්‍ය සංදර්ශනයක් නගරාධිපතිවරයාගේ ෆේස් බුක් ගිණුමට අද මුදා හැර තිබේ.


කුසගින්නේ සිටින වදුරන්ට වුව කව්රුන් හෝ කෑම දිය යුතුය.
මාධ්‍ය සංදර්ශන නැතත් පසුගිය කාලය තුල හදවත් ඇති ධිවරයන් එක දවසක් නොව දවස් ගණනාවක්ම ඔවුන්ට හැකි අයුරින් මේ සතුන්ට කැම ලබා දි තිබුණි
ශිරාන්.  එස්.  ප්‍රනාන්දු