මිගමුවේ “නත්තල් රථගාල” තැබෑරුම් වත්තට !

0
194

 

(11.30 am ) එළඹෙන නත්තල් හා අලුත් අවුරුද්ද නිමිත්තෙන් රෙදි පිළි හා වෙනත් බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ත් වෙනත් කටයුතු සඳහාත් මීගමුව නගරයට දිනපතා ඇදී එන දහස් සංඛ්‍යාත පාරිභෝගිකයින්ගේ රථ වාහන ගාල් කර තැබීමට නිසි රථ ගාලක් හෝ කීහිපයක් නගරය තුල නොතිබීම විශාල අඩුපාඩුවකි.

img 20241205 wa00363667723627978656747


             පසුගිය වසර වල නත්තල් හා අලුත් අවුරුදු කාලයට ද මෙලෙස නගරයට ඇදෙන පාරිභෝගික රථ වාහන ගාල් කර තැබුණේ බොහෝ විට ප්‍රධාන මාර්ග ආසන්නයේ සහ අතුරු පාරවල් වලය, නැතහොත්  තාවකාලිකව සකසා ගත් රථ ගාල්වලය. ඒ අනුව වෙනත් වසර වල මෙන් මේ වසරේ ද මීගමුව මහා  නගර සභාවට අයත් නගර මධ්‍යයේ පිහිටි තැබෑරුම් වත්ත ලෙස හඳුන්වන භූමිය මීගමුව මහා නගර සභා සේවකයින් විසින් පසුගිය දිනවල සුද්ද පවිත්‍ර කරනු දැකගත හැකි විය.

img 20241205 wa00354378544110139475800


                      වාර්තා වන පරිදි මේ වසරේද නත්තල සහ අලුත් අවුරුදු සමය සඳහා නගරයට ඇදෙන රථ වාහන ගාල්කර තැබීම සඳහා ප්‍රධානතම රථ ගාල බවට පත්වන්නේ තැබෑරුම් වත්ත භූමියයි.

එහෙයින් ලබන සිකුරාදා සිට එනම් 06/12/2024 දින සිට එම රථ ගාල ආරම්භ කරන බවද වැඩිදුරටත් වාර්තා වුණි. ඒ අනුව වෙනත් පුද්ගලයෙකුට රථ ගාල භාර නොදී මහ නගර සභාව විසින්ම රථ ගාලේ කටයුතු මෙහෙයවන බවද මෙහිදී වැඩිදුරටත් අනාවරණය වුණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here