මිගමුවේ නව රථවාහන සැලැස්ම ගැන ජනතාවගෙන් පොලිසියට පැසසුම්

0
211
ලෙයිටන් පටුමගේ රථ ගාල
ලෙයිටන් පටුමගේ රථ ගාල

මේ නත්තල්  සමයේ මීගමු නගරය තුල ක්‍රියාත්මක එක් අතකට පමණක් වාහන ධාවනය කරවීමේ නව රථවාහන  සැලැස්ම  නිසා වෙනදාට මේ උත්සව සමයේදි දකින්නට  ඇති වාහන තදබදයක් නැතැයි නගරයට එන ජනයා පවසති.
මේ පිළිබඳව  මිපුර  වෙබ් අඩවිය  අමතා විශේෂ  ප්‍රකාශයක් කළ මීගමුව නගරාධිපති  අැන්ටනි ජයවීර  මහතා කියා සිටියේ පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති මේ නව රථවාහන සැලැස්ම ගැන තමන්ටද ජනතාව පැසසුම් කරඇති බවයි.
මෙම සැලැස්ම  ක්‍රියාත්මක කිරිම  සදහා තමන්ද නගරාධිපතිවරයා ලෙසින් සහය ලබාදුන් බවත් මිගමුව නගරයේ ඉදිරි සංවර්ධන කටයුතු ද මෙසේ සියල්ලෝ එක්ව සිදුකරන්නේ  නම් එහි යහපත් ප්‍රථිපල වැඩි බවත් කියා සිටියේය .
මෙම නව සැලැස්ම  ක්‍රියාත්මක කිරිමේදි මීගමුව මුලස්ථාන  පොලිස් පරික්ෂක සමන්තිලක මහතා සහ මීගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ගජනායක යන මහත්තුරුන් මීගමුව සංවර්ධන පදනමේ නියෝජිතයන්ගේ මෙන්ම   ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේදි අදහස් විමසමින් ඒ අයගේද යෝජනා ලබාගනිමින් මෙම නව සැලැස්ම ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබුණි.