මිගමුවේ පොත් දේශපාලනය !

0
56

gihan(4.45 pm ) අඩුආදායම් ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් වාර්ෂිකව මන්ත්‍රිවරුන් හරහා පොත් ලබාදිම දැවැන්ත ප්‍රදර්ශනාත්මක එකකි.
එකි පොත් ලබාදෙන්නේද මහජන බදු මුදල් වලිනි.එහෙත් ඒ ගැන තින්දු ගන්නා බවට පත්ව ඇත්තේ නගරාධිපතිය.ඒ අනුව ඔහු කැමැති අකමැති අයට අඩුවැඩිවශයෙන් පොත් ලබාදෙති.නගරාධිපතිගේ අයවැය ගොඩ දාගැනිමට උදව් කළ අය⁣ට අතදිගහැර මේ පොත් ලබා දි ඇති සෙයකි.
අැතමෙකුගේ මේ පොත් නතර වන්නේ විකිණීම සදහා ඇති පොත් කඩවලිනි.දරුවන්ට ලබාදිමට යැයි කියා ගත් පොත් කඩවලට විකුණා හසුවුන මන්ත්‍රිලාද  සිටිති.මේ නිසාම ඇතැම් මන්ත්‍රීවරුන්ට පොත් මාමා යැයි නම් පවා පටබැදි ඇත.එපමණක් නොව  දරුවන්ට  පොත් තොගයෙන් භාගයක් පමණක් ලබා දි පොත් සපයන ටෙන්ඩර්කාර මන්ත්‍රිවරයා හා ඩීල් එකක් දමා ගාන කපාගත් මන්ත්‍රිවරුද වෙති.

මිගමුව තුල පොත් දේශපාලනය වැඩිම කථාබහකට ලක්ව තිබුනේ දයාන් ලංසා නගරාධිපතිවරයා යටතේය.ඔහුගේ අයවැයට ඡන්දය නොදුන් ජවිපෙ මන්ත්‍රී තිදෙනාට සහ ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් හට පොත් ලබාදිම ඒකාධිපතියෙකු ලෙසින් දයාන් ලංසා විසින් නවතා දමා තිබේ.
එහෙත් එජාපයේ ඡන්දය දුන් නොදුන් සැමට පොත් ලැබි තිබුණි.
ඒ නිසාම ඡන්දය නොදුන්නා යැයි කියා දයාන් ලංසා විසින් පළිගත් ජවිපෙ තිදෙනා ගැන සහ ලලිත් ටෙන්සිල්ට සිදුව ආසාධාරණය ගැන එජාපේ 19 දෙනා විරෝධයක් පළකර නොතිබුණි.
ඒ පොත් දේශපාලනය නිසාවෙනි.එපමණක් නොව පොත් ලැබෙන නිසා අයවැයටත් අපි අත ඉස්සුවා යැයි සිය ඡන්දායකයා අන්දවන්නට ඇතැම් එජාප බෙන්ජමින්ලා කටයුතු කර තිබුණි.
මේ නිසාම මහජන බදු මුදලින් ලබාදෙන පොත් ලංසා පාලනයේ බුදලයක් යැයි සිතා සිදුකරන ලද හිතුවක්කාර ක්‍රියා ගැන ශද්ද නොකරන්නට එජාපේ මන්ත්‍රිලා  කටයුතු කර තිබුණි.
ලංසාලගේ පමණක් නොව බෙන්ජමින්ලාගේද පොත් දේශපාලන එයයි.