මිගමුවේ පොහොට්ටු මන්ත්‍රිවරියක්,මන්ත්‍රිවරයෙක් හා පැටලෙයි !

0
90

fightමීගමුව මහනගර සභාවේ පොහොට්ටු මන්ත්‍රිවරියක් හා පොහොට්ටුවේම මන්ත්‍රිවරයෙකු මෑතකදි මහනගර සභාව තුලදිම ඉතාමත් අශෝභන ලෙස හැසිරි ඇතැයි වාර්ථා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසාගේ ඇරයුමක් අනුව ඔහුගේ පාර්ලිමේන්තුවට යාම සදහා පොහොට්ටුවේ සියළු මන්ත්‍රින් පැමිණ තිබුණි.
මේ සියල්ල සිටින අතරේ එකපාරටම කිසියම් පිරිසක් කලහකාරි ලෙස හැසිරෙනු සැමට නිරික්ෂණය විය.
වඩාත් විමසිල්ලෙන් බලන කළ දැකගතහැකිව තිබුනේ පොහොට්ටු මන්ත්‍රිවරයෙකු වන දයාල් නිලංග සහ රාණි රොඩ්රිගු යන දෙදෙනා ඉතා අශෝභන ලෙසින් එකිනෙකාට බැන අඩ ගසා ගනිමින්  සිටිනු දක්නා ලදි.
මේ අශිලාචාර හැසිරිම පිළිබදව මිපුරට අදහස් දැක්වු ජේෂ්ඨ නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ පසුගිය ඉතිහාසය තුල මෙසා අශෝභන හැසිරිමක් මන්ත්‍රිවරිවරුන් අතර වාර්තා වු පළමු අවස්ථාව මෙය බවයි.
මේ දෙදෙනා එකිනෙකාට බැන ගත්තේ සිය මව් පාර්ශවයෙන්ද මතක් කරගනිමිනි.