මීට මාස ගානකට ඉහත කටාන පොලිසිය විසින් බට් කරපු v8 එකක් මිරිස්වත්ත කිඹුලාපිටියෙ පැත්තේ ගෙදරක නතර කරල තියෙද්දි අත්අඩංගුවට ගත්තා.පොලිසිය කියපු විදියට මේ බට් ජිප් එක හංගල තිබුනේ කටියල කිඹුලාපිටියේ ගෙදරක .මේ ක අත්අඩංගුවට ගත්තේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා
ඒ කියන්නේ මාස 4 කුත් දැන් පහුවෙලා.
පොලිසිය පසුගිය දවස් වල කිප දෙනෙකු අත්අඩංගුවට ගත්තා . හැබැයි බැලුවම එයාල හාල්මැස්සෝ .තෝරු මෝරු තාම මිසින් ,
මේ බට් වි 8 එක වරින් වර කොටස් ආනයනය කරල එකලස් කරපු එකක් කියල රජයේ රස පරික්ෂක වාර්තාවෙනුත් හෙළි වෙලා තියෙනව .
වැඩේ කියන්නේ ඇත්ත අයිතිකාරයා මිසින් හින්ද එක එකා පහුගිය කාලේ ව්‍යාජ ලියවිල හදාගෙන ඇවිත් මේකේ අයිතිය කියන්න හැදුව කියලත් ආරංචි වුනා.
රාජපක්ෂ රෙජිමය කාලේ මේ බට් වාහන මගඩිය සරුවටම කෙරුනා. ඒව කරපු අය ප්‍රකෝටිපතියෝ වුනා
සුපිරි හෝටල් හත අට සුපිරිම වාහන ගොන්නක් තියාගන්නේ කොහොමද උත්සව වලට බත් පිඟන් විකුණලා ,නම් එහෙම වෙන්න බෑ.
එයාල සුපිරි කෝටිපතියෝ වෙලා තියෙන්නේ වංගු ගහලම තමයි .
මේ v8 එකට හොර අංක තහඩුවක් ගහගෙන මිගමුවේ හිටපු නගරාධිපති දයාන් ලංසත් දුවල තිබුනා.ඒ විතරක් නෙමෙයි මංකුලිය පැත්තේ මඟුල් ගෙදරක මඟුල් හයර් එකට මේ හොර අංක තහඩවුත් එක්ක දිල තිබුනෙත් දයාන් ලංසමයි.ඒක එයාට පොලිසියේදි පිලිගන්න සිද්ද වුනා.
වැඩේ කියන්නේ මේ බට් වාහන කේස් එක ගැන මිගමුව පොලිසියත් මීක් කියන්නේ නෑ වගේ.කප්පරක් හොර වැඩ කරපු නඩේම තාමත් නිදැල්ලේ.?