මිගමුවේ බදුගෙවන ජනයාගේ මුදලින් තැනු බස් නැවැතුමේ ඉඩඇත්තේ අනුරාධපුරේ ගුණසේකරගේ බස්වලට විතරද ?

0
99

IMG-b6b03d741b45561709649f21d2913257-Vමිගමුව බස් නැවැතුම හැදුවේ මහජන මුදලිනි. ලංසා පවුල කළේ ඉන් කොමිස් මුදල් ගෙන ආතල් ගැනිමය. නිමල් ලංසා විසින් කරන්නට යෙදුන අසාර්ථකම ව්‍යාපෘති අතර මුල් තැනක් ගෙන ඇත්තේද මේ බස් නැවතුමයි. ඇත්තටම එදා මෙය ඉදිකෙරුණේ කි මණිවලින් ගාන කපා ගැනිමට කඩ හැදිමටය. ඒ අනුව ඉතුරුවු ඉඩකඩ වල බස්ද නවතා තැබිමට හැකිවිය.
දැන් මෙහි කඩද හිස්ය. උඩ තට්ටුවක් එහෙම පිටින්ම අපතේ ගොසින්ය. බාල ටයිල් අල්ලා අවුල් ගොඩකි. මේ සියල්ල අස්සේ දැන් බස් නැවැත්විමට ඉඩකඩ පිළිබද ප්‍රශ්ණ මතුව තිබේ.
පසුගිය දිනක කතරගම ගොස් පුද පුජා පවත්වා පේවු නගරාධිපති දයාන් ලංසා දැන් චණ්ඩියාට ඇද තිබේ.
ඒ මිගමුව බස් නැවතුමේ අනුරාධුපුරේ ගුණසේකර බස් සමාගමේ බස්වලට පමණක් ඉඩ ලබා දි ලංගම බස් රථ නැවැතිම ලංසා එරෙහි විම හරහාය.
කලක් පැවැති මේ අර්බුදය පසුගිය  මාර්ග කමිටුවේදිද පොලිස් අධිකාරි තුමන් ඉදිරියේ සාකච්ජාවට ලක්වු අතර එහිදි පොලිසිය විසින්ද කියා තිබුනේ ලංගම මාතර බස්රථය පාරේ නවත්වාගන්නා ලෙසය.
එහෙත් අද පෙරවරුවේ යළිත් බස්නැවතුමට පැමිණ අැති නගරාධිපති දයාන් ලංසා ඩිපෝ අධිකාරිවරායට බැන වදිමන් චණ්ඩියාගේ චරිතය රගදක්වා ඇත.
මිගමුවේ මහජන බදුමුදල් අනුරාධපුරේ ගුණසේකර පවුලට වෙන්කර තිබිමට දයාන් ලංසාට ඇති අයිතිය කුමක්දැයි නිතිය ඉදිරියේ ප්‍රශ්ණ කිරිමට කාලය පැමිණ තිබේ.