( 7.00 pm ) ලංසාලා පහුගිය කාලේ හැසිරුනේ මිගමුවේ තියෙන මහජන දේපල හරියට එයාලගේ තාත්තා හරි හම්බ කරල ගත්තු දේවල් හැටියට . ඒ හින්ද ඒවා හිතුමතේ එක එකාට භුක්ති විදින්න දුන්න.මිගමුවේ ක්රිඩා පිට්ටනි කිපයකට වුනෙත් මේ දේම තමයි
මිගමුුවේ සෙන්ට් මේරිස් එකට කාමච්චෝඩේ තිබුන පොදු ක්රිඩා පිට්ටනිය පවරලා ( බදු දිලා ) තියෙන්නෙත් ඒ විදියට . ඒ පිට්ටනියේ සෙල්ලම් කරපු කාමච්චෝඩේ ඇතුළු අවට තරුණ තරුණයිනට දැන් සෙල්ලම් කරන්නවත් දෙන්න බෑ කියල ඉස්කෝලෙට ඒ දවස්වල අලුතින් ඇවිත් හිටපු ප්රින්සිපල් ස්වාමි කියනව කියල කාමච්චෝඩේ තරුණ පිරිසක් මිපුරට කථා කරල කිව්ව.
මේ භුමිය ඉංග්රිසි ආණ්ඩු කාලේ ආණ්ඩුකාරවරයෙක් විසින් මහනගර සභාවට දිපු දේපලක් . එහෙම දේපලක් කාට හරි බද්දට දෙනව නම් ජනාධිපතිගෙන් අවසර ගන්න ඕනලු.
නමුත් ලංසලා හිතන් හිටියේ තාත්තගෙන් අහපුව හරි වගේ කියල.
ඒ ඉඩම මහජන දේපලක් . ( බදු ගත්තාම ඒක අයිති කරගන්න බෑ ) ඉස්කෝලේ ස්වාමිටත් දැන් මේක අමතක වෙලා වගේ . ඒ හින්ද වෙන්න ඇති එකේ සෙල්ලම් කරපු කොල්ලන්ට විරුද්ධව ඒ දවස්වල පොලිසියට පැමිණිලිත් කරල තිබුන
කොහොම උනත් දැන් මේ බදු ගත්ත කියල කියනව නම් ඒ බදු කාලෙත් ඉවර දැන් සෑහෙන කල් .හැබයි තාමත් මැච් එකක් ගහනව නම් ඒක බුක් කරගන්න කරන ගෙවිම් යන්නේ සෙන්ට් මේරිස් ඉස්කෝලෙටලු.
යකෝ මේක මාර වැඩක් නේ
මිගමුවේ කලු සල්ලි පවුලව වැඩිහරියක්ම ආරක්ෂා කෙරුවේ මිගමුවේ ඇතැම් ආගමික නායකයෝ . අයුක්තියට එරෙහිව පාරට බහින්න කියල දැන් කියන ආගමේ ලොකු ලොක්කොත් මේ වගේ කලු සල්ලි පවුල් වලට විරුද්ධව මීක් නැ. උන්වහන්සේලාගේ මිගමුවේ නියෝජිතයොත් එහෙමයි.
මේ කලු සල්ලි පවුල මිගමුව කාබාසිනියා කරපු එකට එරෙහිව කව්ද ඇත්තටම දැන් සටන් කරන්නේ කියල බලමු. කොහොම උනත් සෙල්ලම් කරන්න තැනක් නැතිව ලතවෙන කාමච්චෝඩේ තරුණයන්ගේ අයිතිය වෙනුවෙන් මැදිහත් විය වෙන්නේ කව්ද කියලත් බලමු.
දැන් මිගමුවට ඇවිත් ඉන්න අලුත් කොමසාරිස්තුමිය ඉඩම් ක්ෂේත්රය ගැන හොද පළපුරුද්දක් තියෙන ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු කෙනෙක් .
ඉතින් එතුමියට දැන් ලොකු වගකිමක් තියෙනව ලංසා පවුල එක එකාට බදු දිල තියෙන විකුණල තියෙන ඉඩම් ආයේ මහ නගර සභාවට පවර ගන්න.
මේ ඉඩම නිදහසේ භුක්ති විදින්න මිගමුවේ බදු ගෙවන ජනයාට ඉඩ දෙන්න දැන් ඉන්න කොමසාරිස්වරිය කඩිනමින් පියවර ගන්න ඕන කියල කාමච්චෝඩේ තරුණයෝ ඉල්ලනව .
හිටපු කොමසාරිස්තුමිය හිටිය නම් සතියකටත් කලින් මේ වැඩේ ඉවර කරයි . කමක් නැ. අපි බලමු අලුත් මැඩම් කොච්චර ස්පිඩ් ද කියල ?????