මිගමුවේ මාළු කඩ බෙදිල්ලේදි අසාධාරණයක්?පල්ලියටත් විරෝධය .

0
631

මිගමුව කොටුවපිට්ටනිය අසල මාළු ලෙල්ලමේ මාළු ලෑලි බෙදා දිමට අදාල මේ වන විට බරපතල ගැටලු මතුවි ඇතැයි මාළු වෙළදුන් වැල්ලවිදියේ පල්ලියේ පියතුමා⁣ට චෝදනාවක් එල්ල කර තිබේ.

විදේශ ආධාර යටතේ ඉදිකරන ලද මේ මාළු ලේලලම නගර සභාව විසින් පාලනය කළ යුතුව තිබුනද නිමල් ලංසා විසින් එහි පාලනය දේශපාලන වාසි තකා පල්ලියට පවරා තිබුණි.

යකඩ සහ තහඩු වලින් ඉදිකර තිබු මෙම මාළු ලෙල්ලමේ ගොඩනැගිලි මුහුදු ලුණ නිසා මලකඩ කෑම හේතුවෙන් දිරාපත්වි කඩා වැටි තිබුණි.වසර ගණනක් ගියද පල්ලිය විසින් කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු නොකිරිම නිසා වෙළෙන්දන් අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් අපා දුක් විඳිමින් සි⁣ටියහ.

විශේෂයෙන්ම මේ දිනවල පවතින වර්ෂාව නිසා ඔවුන් මහත් පිඩාවකට පත්ව සිටිති.

මේ සියළු දුෂ්කරතා මැද කඩ බෙදිල්ලේදි මේ අයට අසාධාරණයකට සිදුකරන්නේ ඇයිදැයි ඔවුන් මැසිවිළි නගති.

කඩ බෙදෙන විදිය ගැන දැනුම් දිමට වැල්ලවිදිය පල්ලියේ පියතුමා පොලිසියත් රැගෙන ඒමෙන්ම පෙනි යන්නේ පියතුමාද එතනදි අවුලක් ඇතිවන ඇතැයි කලින්ම දැනගෙන පැමිණි නිසා බවද මාළු වෙළදාමේ යෙදි සිටින අය කියති.