මිගමුවේ මුස්ලිම් කඩ කීපයක් වහන්න කියල ලියුම් දුන්න අන්තවාදින් කව්ද ? පොලිසිය නිහඬද?

0
159

Screenshot_20190721_145346_com.whatsappපාස්කු ඉරුදින ප්‍රහාරයට තෙමසක් පිරෙන අද දිනයේ ප්‍රතිසංස්කරණ කළ කටුවාපිටිය පල්ලිය ආසිරි ගැන්විම සිදුකරමින් කාර්දිනල් හිමියන් යළිත් අවධාරණය කර තිබුනේ තම මුස්ලිම් සහෝදරයා සමගින් සමගියෙන් සංහිදියා⁣වෙන් සිටින ලෙසය.කාර්දිනල් හිමියන් මේ සංහිඳියාවේ දහම එදා සිටම දේශනා කළද එයට අවතන නැති අන්තවවාදින් සුළු පිරිසක් අද දිනයේ මුස්ලිම් කඩකිපයකට ලියුම් දි නියෝග කර තිබුනේ ඩීන් හංදියේ සිට වයි හංදිය දක්වා ඇති මුස්ලිම් කඩ අද වසා දැමිය යුතු බවය.එපමණක් නොව මෙම ඇතැම් අන්තවවාදින් විසින් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන අසල ඌරු ඔළුද තබාගොස් තිබුණි.මෙය සැබැවින්ම කාර්දිනල් හිමියන්ටත් සමස්ත මිගමුවේ සැබෑ කිතුණුවන්ට කරනු ලැබු දැවැන්ත නිගාවකි.අදාල ව්‍යාපාරිකයන් විසින් මේ සියලු තොරතුරු පොලිසිය වෙත ලබාදි අතැයිද වාර්තා වේ.