මිගමුවේ රටඉඳි ගහට වෙච්ච වැ⁣ඩේ දැන් කොස් ගහටත් ?

0
410

මිගමු නගර මධ්‍යයේ කාගෙත් සිත් ඇදගත් රටඉඳි ගසක් විය.එය පිහිටා තිබුනේ නගර මැද පිහිටි ලාෆ්ස් සුපිරි වෙළඳ සැල අසලය.

ලස්සනට තිබුන මේ රට ඉඳි ගස ඒ අසල කඩහිමියෙකු විසින් කපා දමා තිබුන බව පසුව වාර්තා විය.

ලංකාවේ වැඩිම සංචාරක ආකර්ශණයක්ද දිනා සිටින මිගමුව වැනි නගරයකදි සැබැවින්ම කළ යුතුව තිබුනේ මෙවැනි දැ ආරක්ෂා කිරිමට කටයුතු කිරිමය.එහෙත් අවසානාවකට මැට්ටන්ගේ පාලනයකට යටත්ව ඇති මිගමුවට දැන් දෙයියන්ගේම පිහිටය

දැන් තවත් ගස් කතාවකි. රටඉඳි ගස තිබුන අසලම සරුවට වැඩුන කොස් ගසද කපා දමන්නට දැන් කුමන්ත්‍රණයක් දියත්ව ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.

ව්‍යාපාරිකයන්ගෙන් ගතමනා ලැබෙන්නේ නම් ඕනෑම දෙයක් කිරිමට සැදි පැහැදි ඇති ලංකාව වැනි රටකදි කොස් ගසකට පවා යහතින් ඉන්නට ඉඩක් නැත්තේමය.

මේ දේවල් රැකිමට පෙරට ආ යුතු පරිසරවේදින්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේවා රැකගන්නට කටයුතු කරන ලෙසය.