මිගමුවේ ලුණු අර්බුදය විසදුනාද ?

0
48

( 8 .00 am ) මීගමුවේ  කරවල නිෂ්පාදකයන් පසුගියදා කියා තිබුනේ මිට සති දෙකකට පමණ පෙර පැවැති  සාකච්ඡාවේදි ලුණු ප්‍රශ්ණයට නිසි විසඳුමක් නොලැබෙන්නේ නම්  මිගමුව මහනගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කරන බවය.

එහෙත් පැවැති සාකච්ඡාවේදි නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න කරවල නිෂ්පාදකයන්ට පවසා තිබුනේ දින 10ක් ඇතුලත ලුණු සැපයිමට විදිමත් වැඩපිළිවෙළක් සංවිධානය කරනු ලබන බවය.

එමෙන්ම දැනට ලුණු අවශ්‍යතාවය සපුරා ලිම සඳහා ලුණු ලබාගැනිමට ඇති හැකියාවන් ගැනද සොයා බලන බව රැස්විමට පැමිණ සිටි අයව දැනුවත් කර තිබුණි.

නියෝ‍ජ්‍ය ඇමතිවරයාගේ මැදිහත්විමේ ප්‍රතිඵලයක් කරවල  ව්‍යාපාරිකයන් සිය උද්ඝෝෂණය අතහැර දමා තිබුණි.

කෙසේ වෙතත් දැන් දින 10ක් ගෙවි හමාරය

ලුණු ප්‍රශ්ණයේ වත්මන් තත්වය ගැන විමසා සිටි අවස්ථාවේදි කරවල නිෂ්පාදකයන් කියා සිටියේ ලුණු තොග වරායට පැමිණ ඇති බවය.සමිති මට්ටමින් ලුණු ඉල්ලුම් කිරිමට කටයුතු මේ දිනවල සිදුවෙමින් ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here