මිගමුවේ සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම කඩාවැටෙයි! ව්‍යාපාරිකයෝ අනාථයි!

0
117

Hotel 1මිගමුවේ සංචාරක ව්‍යාපාරය මුලුමනින්ම කඩාවැටි ඇතැයි සංචාරක කර්මාන්තයේ නියැලි සිටින සියල්ලෝම පවසා සිටිති.අප කළ විමසුමකට පිලිතුරු දුන් එක් ව්‍යාපාරිකයෙකු කියා සිටියේ සවස 6 පමණ විට සංචාර කලාපයේ එකම පාළු පිටියක් සේ දිස්වන බවත් වෙනදා අනේක විදුලි බුබුලුවලින් වර්ණවත්ව තිබු හෝටල් අසිරිය දැන් කොහෙත්ම නැති බවත්ය.පාරේ කඩල විකුණු තැනැත්තාගේ සිට ත්‍රිරෝද රථ රියදුරන් දක්වා පරාසයක පිරිසක් මේ නිසා මහත අසරණ තත්වයකට පත්ව ඇත.පසුගිය කාලය තුල සංචාරක ව්‍යාපාරයේ ඇතිව තිබුණ දියුණුවත් සමගින් මේ ක්ෂේ‍ත්‍රයට සම්බන්ධව විවිධ ආයෝජනයන් කළ සියල්ල දැන් තමන්ගේ බැංකුණය ගෙවාගැනිමට නොහැකිව මහත් අර්බුදයකට පත්ව සිටිති.එක් ව්‍යාපාරිකයෙකු පවසා සිටියේ ලංකාවට පැමිණෙන ඇතැම් ගුවන් සේවා පවා ලංකාවට පැමිණිම නවතා දමා ඇති බවය.හේතුව ඒවායින් ලංකාවට පැමිණිමට ගුවන් මගින් නොමැතිකම නිසාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here