මිගමුවේ සැප රිය අත්අඩංගුවට ගෙන දෙසතියක් ? පරිහරණය කළ පුද්ගලයන් තවමත් නිදැල්ලේ ?

0
295

මිගමුව පොලිස් අපරාධ කොට්ඨාශය විසින්  මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසක නවතා තිබු එකලස් කළ වාහනයක්  අත්අඩංගුවට ගෙන  දැන් සති දෙකක්ද ඉක්මවා තිබේ.

එහෙත් එම සැපරිය පරිහරණය කළා යැයි කියන  දේශපාලකයා  තවමත් නිදැල්ලේ සිටි.

මේ අතර මෙම සැපරියේ සිදුවිමට සම්බන්ධ තවත් පුද්ගලයන්  සැඟවි සිටින බවටද මේ වන විට රාවයක් පැතිර යමින් තිබේ.

මෙම අත්අඩංගුවට ගැනිම සිදුව තිබුනේ පසුගිය ඔක් 28 වෙනිදාය .අප මේ පිළිබදව පළමු වාර්තා කරන ලද්දේ නොවැම්බර් 03 වනදාය. එතෙක් වෙනත් කිසිදු මාධ්‍යයක් විසින් මේ ගැන සඳහනක් කර තිබුන බවක් අපට නම් නිරික්ෂණය වි නොමැත. මිගමුව කෙන්ද්‍ර කොට ගෙන ක්‍රියාත්මක තවත් මාධ්‍ය තිබුනද ඒවාද මෙවැනි සිදුවිම් අරභයා නිහඩ පිළිවෙතක් අනුමගමනය කරති

මෙම වාහනය පසුගිය කාලය තුල පරිහරණය කර තිබුනේ මිගමුවේ කුප්‍රකට දේශපාලකයකු විසින් බව දැන් ප්‍රසිද්ධ රහසකි.

මේ නිසාම මෙම සැප රිය නවතා තිබුන තැන් ගැන පවා  තොරතුරු හුවමාරු වන්නට පටන් ගෙනය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදි දින කිපයක්ම මෙම සැප රිය මිගමුව මහනගර සභාවට පැමිණ ඇතැයිද   සැලය.
එපමණක් නොව නගරාධිපති කාර්යමණ්ඩල රියදුරන් විසින් පවා මේ සැප රිය පදවාගෙන ගොස් ඇති බවද තැන තැන කථා වෙමින් තිබේ
මිගමුව මහනගර සභාවේ හිටපු කොමසාරිස්වරයා පවා මේ ගැන දන්නවා විය යුතුය.

මෙම සැප රිය පරිහරණය කළ තැනැත්තා අනිවාර්යයෙන්ම ව්‍යාජ අංක තහඩුවක් භාවිතා කර ඇති බවටද සැක නැත.ඒ මන්දයත් මෙම සැපරිය කිසිදු ආකාරයකින් නිති ප්‍රකාර ලියාපදිංචි වි නොමැති බැවිනි.එසේ නම් මෙම සැපරිය පැදවිමේදි යොදා ගත් ව්‍යාජ අංක තහඩුව කාගේද?මේ ගැන අනිවාර්යයෙන්ම පොලිසිය කරුණු හෙළිදරව් කර ගත යුතුව ඇත.

මෙම සැප රිය මිරිස්වත්තට පදවාගෙන ගියා යැයි කියන කුරණ ප්‍රදේශයේ පුද්ගලයා ගැනද උන් හිටි තැන් නැති ගානය.ඔහුට පොලිසියට එන ලෙස දන්වා තිබුනද තවමත් පැමිණ ඇති බවක් දැනගන්නට නැත.
එමෙන්ම පසුගිය දිනක රාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු පැමිණ මෙම වාහනයට අයිතිවාසිකම් කියන්නට ගියා යැයි  වාර්තා වුවද ඔහුව අත්අඩංගුවට ගත් බවක් වාර්තා නොවන අතර වාහනයේ සත්‍ය ලියවිලි රැගෙන එන ලෙස පවසා පොලිසිය විසින් ඔහු ආපසු යවා ඇති බව කියැවේ.

කෙසේ වෙතත් පසුගිය සති දෙකක කාලය පුරාවට හෝරා පොලිස් සෙල්ලමක් ක්‍රියාත්මක බවට අනුමාන කිරිමට තුඩු දෙන සිදුවිම් රැසක් සහ හැසිරිම් ගොන්නක්  ගැන සැක කළ හැකි තත්වයන් ඇතිව තිබේ.

දැන් ඇත්තේ මාලිමා රජයකි.

නොවැම්බර් 14 න් පසු ඇතිවිමට නියමිතව ඇත්තේ තවත්  පෙරළියකි.
කළු සල්ලි බලෙන් පිනුම් ගැසු අයට ඒ සදහා යළිත් මිගමුව තුල කිසිදු ඉඩක් ලබා නොදිමට මාලිමා රජයෙ බළධාරින් කටයුතු කළ යුතුව ඇත.මාලිමාවෙන් තරඟ වදින වෛද්‍ය  හෙන්රි රොසාරියෝ වැනි අයෙකු මේ සකලාකාර සෙල්ලන් දැන් ඉතා හොදින් දැනුවත්ය

පසුගිය ජනාධිපතිවරණයෙන් ඇරඹි රැල්ල  මෙවර ඉදිරියට ඇදෙන්නේ මිගමුවේ දුෂිත පාලනය මුලුමනින්නම හමාර කරන්නටද සපථ කරමිනි

මේ දුෂිත වලල්ල තුල රැඟු කිසිවෙකුට හෝ කිසිදු සමාවක් හිමි නොවිය යුතුය තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

මේ වලල්ල තුල සිටින්නේ දේශපාලනඥයන් පමණක්ම නොවන  බව ඉතා පැහැදිලිය  . මිගමුව තුල ක්‍රියාත්මක විවිධ රාජ්‍ය ආයතන තුල සිටින ඇතැම් පොඩ්ඩන් මෙන්ම ලොක්කන්ද කළු සල්ලි වල හෙවනැල්ලට මුවා වි සිදු කර ඇති සකලකාර නීති විරෝධි ක්‍රියා පිළිබදව විමර්ශන ඇරඹිය යුතුව තිබේ.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here