මිගමුවේ හානිවු දේපල වලට වන්දි ගෙවන බව අගමැති කියයි !

0
101

NGB damage 3(12.50 pm ) මීගමුවේ දී ඊයේ (05දා) ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට සිදුවූ ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ada.lk වෙබ් අඩවිය විසින් වාර්ථා කර තිබුණි .

ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මඟින් අලාභහානි තක්සේරු කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇතැයි එහි සදහන්ය.
මේ අතර කාර්දිනල් හිමියන්ද මෙසේ හානියට පත්ව ඇති ස්ථාන කිපයක් බැහැදැක තිබේ.