මිගමුවේ 2019 අයවැයට ශ්‍රිලනිප සහ එජාප සංවිධායකයන්ගේ විරෝධය !

0
65

roies and lalithමීගමුවේ අයවැය 2019 වසර සදහා දැන් සම්මත වි තිබේ. මෙයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුනේ ජනතා විමුක්ති පෙරමුණ පමණි.
මේ අතර එජාප ආසන සංවිධායක රොයිස් විජිත මෙන්ම ශ්‍රිලනිප ආසන සංවිධායක ලලිත් ටෙන්සිල් එදින මහසභාවට පැමිණ තිබුනේ නැත.
එහෙත්  එජාපේ ජේෂ්ඨ මන්ත්‍රිවරුන් වන කැලිසන් ජයකොඩි ,රවි ජිවානන්ද ඇතුළු පිරිස ඉදිරිපත්ව ඇති අයවැය ඉතා ප්‍රශස්ත එකක් යැයි කියමින් ඉහලින් අගයා තිබුණි.
පසුගිය කාලයේ  මිගමුව මහනගර සභාව තුල ක්‍රියාත්මක වු බරපතල මුල්‍ය අක්‍රමිකතා ගැන කිසිදු ප්‍රශ්ණ කිරිමක් මුල්‍ය කමිටුව තුලදි පවා නොකළ එජාප නගාරික මන්ත්‍රිලා නගරය පුරාවටම සිදුවන දැවැන්ත මුල්‍ය වංචාවන් ගැන නැසු කන්ව සිට අයවැය විවාදයේදි කිසිදු ප්‍රශ්ණ කිරිමක් සිදුනොකිරිම විශේෂත්වයකි.
ඒ තමන්ගේ ආසනයට රු ලක්ෂ ගාණක් ලබාදිමට නගරාධිපතිවරයා විසින් තින්දු කර තිබුන පසුබිමක
අපට ලක්ෂ 22 ලැබේ නම් නගරාධිපති මිගමුවට උඩින් කේබල් කාර් පැද්දද අපට කම් නැතැයි දැන් සිතන එජාප මන්ත්‍රින් කණ්ඩායමක් සිටිම සැබැවින්ම මිගමුවේ ජයග්‍රහණය කරා ගෙන යන්නට උර දුන් ඡන්දදායකයන්ගේම අවාසනාවකි.