මිගමුවේ MOH ට චෝදනා රැසක් ?

0
107

මිගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා මේ වන විට බරපතල චෝදනා රැසකට ලක්වෙමින් තිබේ. ඒ ඔහු විසින් වෘත්තිය ආචාරධර්ම වලට පටහැනිව සිදුකරමින් ඇතැයි කියන කරුණු රැසක් හේතුකොටගෙනය.
කොරෝනා දෙවන එන්නත ඉදිරි පෙළ සෞඛ්‍ය කම්කරුවන් සදහා ප්‍රමුඛතාවය ලබාදි ක්‍රියාත්මක කළ යුතුව තිබියදි, මිගමුවේ ප්‍රබල දේශපාලන පවුලක දෙම්ව්පියන් හට නිවසටම අදාල නිලධාරින් යවා එන්නත ලබාදි ඇතැයි යන්න මේ එක් බරපතල චෝදනාවකි.
එමෙන්ම මිගමුවේ සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඇතැම් ප්‍රධානින් හටද රහසිගතව මේ එන්නත ලබාදි ඇති බවට රාවයක්ද මේ වන විටත් පැතිර යමින් තිබේ.
තමන්ගේ ක්ෂේත්‍රයේම අවදානමට මුහුණ දෙමින් සිටින සේවකයන්ගේ එන්නත් අයිතිය මේ අකාරයෙන් අපයෝජනය කිරිම සැබැවින්ම පිළිකුල් සහගත බව ක්ෂේත්‍රය තුලින්මද බරපතල විවේචයන් ඔහු වෙත දැන් එල්ල වෙමින් තිබේ.ලංකාවේ පුද්ගලික රෝහලක් තුල වැඩිම සේවක පිරිසක් ආසාදනයට ලක්වු සිදුවිම වන නවලෝක රෝහලේ තත්වය ගැන කටයුතු කළ ආකාරය ගැනද විවිධ චෝදනා දැනටමත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාට මෙන්ම තවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු වෙත එල්ල වෙමින් තිබේ.
මෙයට අමතරව නිරෝධාන කටයුතු ව්‍යාපාරික මට්ටමින් මිගමුව කරගෙන යන ඇතැම් ව්‍යාපාරිකයන් හා ඇති සමිප සබදතා ගැනද මේ විවේචන අතර වේ .