මිගමුව අවදානමට ලක් නොකිරිමේ වගකීම අදාල සියළු බලධාරින් සතුය …

0
218

කාමච්චෝඩේ 2( 7.30 am ) මීගමුව දෙවන කොරෝනා රැල්ලේ බලපෑමට අසුවු ගම්පහ දිස්ත්‍රික්කයේ නගර වලින් ප්‍රධානතම එකක් විය.එබැවින් එය රතු කලාපයක් ලෙසින්ද නම්කරනු ලැබු අතර සති 5 ක් නොකඩවාම හුදකලා කොට තැබිමටද රජය පියවර ගෙන තිබුණි.

පසුගිය ඔක්තෝබර් මුල සතියෙන් ඇරඹි මිගමුව කොරෝනා අවදානම වැඩිපුරම පැතිරෙන්නට පටන් ගත්තේ ඔක්තෝබර් 20 වනදායින් පසුව පෑලියගොඩ මාළු වෙළද සංකිර්ණයෙන් ආසාදිතයන් හමුවිමට පටන් ගැනිමත් සමගින්ය.

ඒ අනුව දෙසැම්බර් මුල සතිය පමණ වන විට මිගමුවේ මුලු ආසාදිතයන් ගණන 280 ක් වි තිබුණි.

මේ අතර ඉන් සුවය ලැබු මුලු ගණන 193 ක් විය.
දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගින් ගණන 87 කි.මිගමුව තුල නිරෝිධායනය වන පවුල් ගණන 200  ඉක්මවා ඇත.

ඒ අනුව නිරෝධායනය වෙමින් සිටින මුළු පුද්ගලයන් ගණන 700 ඉක්මවා  තිබේ.

මේ අතර නිවාස 104 කින් සමන්විත කම්කරු නිවාස යෝජනා ක්‍රමයක් මුළු මනින්ම හුදකලා කොට ඇත.
උත්සවය සමය තුල ජනතාවගේ වගකිම් විරහිත ක්‍රියාකාරිත්වයන් මිගමුව තවදුරටත් අර්බුදයකට ගෙනයනු ඇත.,

මේ නිසාම මිගමුවේ පාලකයන් ඒ සදහා ලබන සතියේ සිටම අවශ්‍ය ක්‍රියාමාර්ග වඩාත් විධිමත් ලෙසින් ගත යුතුව තිබේ.
පසුගිය සෙනසුරාදා ඇරඹි රාත්‍රි වෙළදට පළට අදාලව විධිමත් සෞඛ්‍යාණුකුල වැඩපිළිවෙලක් සකස් කර දිමට මිගමුව  නගර සභාව කටයුතු කර තිබුනේද යන්න ගැටළු සහගතය.

එමෙන්ම ඉරුදින පොළ අරභයාද අලෙවි කිරිම් කටයුතු සදහා ප්‍රමාණවත් දුරකින් ඉඩ ප්‍රස්ථා ලබාදි එය විධිමත් කර තිබුනේද යන්නද සැක සහිතය.
වෙනදා වෙළදුන් 100 දෙනෙකු අලෙවි කළා නම් පවතින තත්වය යටතේ ඊට අඩුපිරිසකට පමණක් ඉඩ සලසා දිමට බලධාරින් සුදානම් පමණක් සෞඛ්‍යාණුකුල බව රැකිමට අවැසි අවම දුර ප්‍රමාණයන් වත් පවත්වා ගැනිමට වතාවරණයක් ඇති කළ හැකිවනු ඇත.
එහෙත් මෙවන් කරුණු ගැන මිගමුවේ අදාල බළධාරින් අවධානය යොමු කර ඇතිදැයි සැබැවින්ම ප්‍රශ්ණයකි.
එලඹෙන උත්සව සමය යනු මිගමුවට සැලකිය යුතු පිරිසක් ඇදෙන කාලයකි.
ඉතින් බලධාරින් ඊට සුදානම්ද යන්න තවමත් ඉතිරිවි ඇති ප්‍රධාන ප්‍රශ්ණයකි.

බුද්ධිමත් ලෙසින් දේවල් සැලසුම් කිරිමට වඩා හුදු බාල ජනප්‍රියත්වය වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටින මිගමු දේශපාලන අධිකාරිය දැනටමත් මිගමුව දැවැන්ත අර්බුදයක ගිල්වා ඇත.
ගණිතඥයන් ඇවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන දේ දැන් මිගමුවට සිදුව හමාරය

ඡායා- එම්. ඉසෙඩ්. සහජාන්