මිගමුව ගොඩනගන විධිමත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත්තේ එජාපය පමණක්ද? ?

0
173

DSC_0006newමීගමුව සංවර්ධනය කිරිම සදහා මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇති ප්‍රධාන පක්ෂවල ප්‍රධානින්ගෙන් අප ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයනයන් ඉල්ලා සිටි අවස්ථාවේදි එවන් විධිමත් ප්‍රකාශණයක් අප වෙත මේ වන විට ලබාදි ඇත්තේ එජාපය පමණි.මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මැතිවරණයට ඉදිරිපත් වන සි්‍යලුම අපේක්ෂක අපේක්ෂිකාවන
පොහොට්ටුවේ අපේක්ෂක හිටපු නගාරාධිපති ඇන්ටනි ජයවීරගෙන මේ ගැන විමසු අවස්ථාවේදි ඔහු කියා සිටියේ එවැන්නක් ගැන තමන් නොදන්නා බවත් තමන් නගරාධිපති වන්නේ නම් කරන්නට අවැසි දේවල් ගැන පමණක් තමාට කිව හැකි බවත්ය.
ජනතා විමුක්ති පෙරමුණේ මීගමුව කණ්ඩායම් නායක ගාමිණි ප්‍රනාන්දුගෙන් සිය ප්‍රතිපත්ති  ප්‍රකාශනය ගැන විමසා සිටි අස්ථාවේදි ඔහු කියා ඇත්තේ තම කණ්ඩායම කාර්යබහුලව සිටි බැවින් එවැන්නක වමත් ඉදිරිපත් කරගැනිමට නොහැකි වු බවයි.
ශ්‍රිලනිපයේ සමසංවිධායක ලලිත් ටෙන්සිල්ගෙන්ද අප විමසා සිටියෙමු.
එහෙත් එවැන්නක් තවමත් අප වෙතට ඉදිරිපත්ව නැත.
මේ අනුව පෙනි යන්නේ මීගමුව සංවර්ධනය කිරිම සදහා විධිමත් දස අවුරුදු සැලැස්මක් පදනම් කරගත් ප්‍රතිපත්ති මාලාවකින් සමන්විතව ඇත්තේ එජාප ප්‍රතිපත්ති ප්‍රකාශය තුල පමණක් බවය.

d3be09865e2f48acdec774b8cab00aaeOru pics

හැදින්විම

මීගමුව යනු බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණුව කරා යන වානිජ නගරයයි.
සියළු ආගම් හා ජාතින්ගෙන්ද සැදුම්ලත් සාමකාමි දේදුණු නගරයද වෙයි.

එහෙත් අවසනාවකට පසුගිය දශකයකටත් වඩා වැඩිකාලයක් මේ නගරයේ පාලනය හිමිව තිබුනේ කළු සල්ලි ජාවාරම්කාර පවුලක් වෙතය.

ඔවුන්ට රිසි අන්දමින් මීගමුවේ පොදු සම්පත් විනාශ කරමින් මීගමුව අනාචාරය දුරාචාරය රජකරවන චිකාගෝවක් බවට පත්කර තිබේ.
2015
වසරේදි මේ රටතුල යහපාලනය ස්ථාපිත කිරිමේදි වැඩිඡන්ද 31000 ක් ලබාගනිමින් මීගමුව ආසනය ජය ගන්නට එජාපයට හැකිවුවද යහපාලනය මීගමුව කරා පැමිණියේ නැත.

එයට හේතුව වි තිබුනේ ලංසා පවුල විසින් තවදුරටත් නගරයේ පාලනය 2016 ඔක්තෝබර් දක්වාම පවත්වාගෙන ගිය බැවිනි.
ඉන්පසුව ස්ථාපිත කෙරුණු නාගරික කොමසාරිස් පාලනය පවා ක්‍රියාත්මක වුයේ ලංසා පවුලේ අණසක යටතේය.

අපි දැන් මීගමුව අළුතින් ගොඩනැගිය යුතුව ඇත.

2018 පෙබරවාරි 10 වෙනිදා යනු මීගමුවට සැබෑවටම ආදරය කරන ජනයාට ඉතා වැදගත් දිනයකි.
එය මීගමුවේ ජනයාගේ අනාගත ඉරණම තින්දු කරනු ලබන තින්දුවක් ගණු ලබන දිනය විමයි.

මීගමුවේ ඡන්ද දායකයා හට පැවරි ඇති තින්දු ගැනිමේ අභියෝගය අතිසරලය.
මිගමුව චිකාගෝවක් කළ,කොමිස් කාක්කන්ගේ රජදහනක් කළ.මාධ්‍යවේදින්ට පවා මහදවල් මරණිය ප්‍රහාර එල්ල කළ ,කාන්තාවන්ට අැසිට් ගසා මුළු ජිවිතයම අනාථ කළ ,පොදු දේපල පවුලේ දේපල සේ සලකා එහි සියළු ප්‍රතිලාභ භුක්ති වින්ද ( රාජපක්ෂ උද්‍යානය ,වෙරළ උද්‍යානය,කොටුව පිට්ටනිය අසල මාළු වෙලද සංකිර්ණය,) මීගමුව කුඩුකාරයන්ගේ දේශයකැයි නම් පටබැන්දු පවුලකට එරෙහිව පොදු තින්දුවක් ගැනිමටය.

සුළු ජාතිකයන්ට කෙනහිලි කම් කළ ,ජාතිවාදය වපුරමින් මහජාතියේ ආගමට පමණක් ආවඩමින්  සුළු ජාතින්ට හා මෙන්ම සුළුන්තර ආගමිකයන්( කිතුණුවන්ද ඇතුළු ) තැලු පෙලු මැදමුලන රාජපක්ෂ රජපවුලෙන් එදා රට ගලවා ගත්තා සේම දැන් අපගේ වගකිම වි ඇත්තේ වැල්විදියේ ලංසා පවුලෙන් මීගමුව බේරා ගැනිමය

රාජපක්ෂ පාලනයත් ලංසා පවුල් පාලනයත් එකවිට පරාජය කළ හැකි ශක්තිමත්ම බලවේගය මේ වන විට පෙළ ගැසි ඇත්තේ එජාපය වටාය.

ලංසා පවුලේ නරුමවාදයට එරෙහිව අභිතව නැගි සිටිමින් මහනගර සභාව තුලත් පළාත් සභාව තුලත් ශක්තිමත් ලෙසින් පෙනි සිටි නායකත්වය වන්නේ මීගමුව එජාප ආසන සංවිධායක හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්රි රොයිස් විජිත ප්‍රනාන්දුය.

ඔහුගේ නායකත්වය යටතේ පෙළගැසෙන එජාප බලවේගය විසින් මීගමුව අළුතින් ගොඩනගනු ඇත.!
යහපාලන රජයේ ප්‍රධාන ඇමතිධුර සියල්ල සතු එජාපයේ නිරන්තර සහය මීගමුවට ස්ථිරව ලබාගතහැකි මීගමුවට තරග කරන එකම බලවේගය වන්නේද එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමයි
.
එබැවින් මීගමුව හෙට ගැලපෙන නගරයක් ලෙසින් ගොඩනැගිමේ සියළු හැකියාවන් සියල්ල ගොනු කොට සංවර්ධන දශකයක් නිර්මාණය කිරිමට යෝජනා කෙරේ
.

මීගමුව විනාශය කරා ඇද දැමු දශකයක්දක්මක් වු  රාජපක්ෂ ලංසා පාලන සමයට සදාකාලික තිත තබා නව සංවර්ධන දශකයක් ප්‍රකාශයට පත්කිරිමට බලාපොරොත්තු වෙමු.

වෙනුවෙන් දස අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කෙරෙන අතර මහනගර සභා පාලනයට පත්ව තෙමසක කාලයක් තුල මේ දස අවුරුදු සංවර්ධන සැලැස්ම පුළුල් මහජන කථිකාවකට භාජනය කිරිමට බලාපොරොත්තු වෙමු.

සදහා මීගමුවට සැබැවින්ම ආදරය කරන සැමගේ අදහස් හා යෝජනා අප ගොනු කර 2018 ජුනි මාසයේදි ප්‍රකාශයට පත්කරන්නෙමු.

1.මාර්ග සංවර්ධනය සහ ජලපවහන කළමණාකරණය

1 නගරයේ සෑම ඡන්ද කොට්ඨාශයකම ප්‍රධාන පාරවල් 03 ක් සෑම වසරකදීම කාර්පට් කිරීමට යෝජනා කෙරේ

2.සියලූම අතුරු මාර්ග නඩත්තු කර වැඩිදියුණු කිරීම නිරන්ත අධික්ෂණයකට යටත් කරනු ලබන අතර වෙනුවෙන් විශේෂ මාර්ග සංවර්ධන කමිටු ඇතිකිරිමට නියමිතය.

3.  මීගමුවේ ජලකළමණාකරණය අගේට සිදුකළ වතු කාණු සියල්ල අදවන විට විනාශකර දමා හමාරය.එබැවින් විද්‍යාත්මක පදනම් මත වැසි ජලය බැස යාම සදහා නවින ජලපවහන පද්ධතියක් ඇති කිරිම .නුතන තාක්ෂණය උපයෝගි කොට ගත් කාණු පද්ධතියක් මීගමුවේ ඇති සෑබෑ අවශ්‍යතා මත පදනම්ව නිර්මාණය කිරිම

4.කොච්චිකඩේ නගරය මැද දැනට මතුව ඇති දැඩි වාහන තදබදය මග හැරිමට මාර්ගය පුළුල් කිරිමටත් විකල්ප මාර්ගයක් ඉදිකිරිමටත්  යෝජනා කෙරේ.

5.අගරදගුරු නික්ලස් මාකස් ප්‍රනාන්දු මාවත එක් තීරුවක්  ,රථවාහන ගාල් කරන්නටද ,අලංකාර වෙළද කුටි ඉඩකඩ සැලැසෙන අන්දමින් සහ වීදි උද්‍යානයක්ද වඩාත් නුතන ආකාරයෙන් සංවර්ධනය කිරිමට යෝජිතය..ඇවිදින මංතීරුවක් මේ අනුව සංවර්ධනය කිරීමට යෝජිතය

6.සා. ජෝශප් වීදිය , කෙලින් වීදිය හා හලාවත පාර වාහන තදබදය වැලැක්වීමටඅවශ්‍ය පියවරගැනීම

7.නගරයේ මාර්ග තදබදය පාලනය කිරීම සදහා දුම්රිය මාර්ගය මගහැර නගරයට පිවිසුම හා පිටව යාමට ගුවන් පාලමක් හා ගුවන් මාර්ග ඉදිකිරීම

8.මීගමුව නගර තුල දැනට ක්‍රියාත්මක සාර්ථක ප්‍රවාහන සැලැස්ම තවදුරටත් විධිමත් කිරිමට අවැසි සියළු පහසුකම් සැපැයිම.


9.මහල් කිපයකින් යුත් රථගාල් 3 ක් ස්ථාපිත කිරීම පෞද්ගලික ආයොජකයන් කැදවීම


10.නව විදුලි ආලෝක පද්ධතියක් මුඵ නගරයේම ස්ථාපිත කර ස්වයංක්‍රියව එම නඩත්තු හා අඵත්වැඩියා කටයුතු නාගරික ඉංජිනේරු කාර්යක් බවට නැවත පත් කිරීම

2.කසල කළමණාකරණය , මළපවහන පද්ධතියක් සහ මුලික සෞඛ්‍ය පහසුකම

1.කසල කළමණාකරණ කටයුතු දිවා රාත්‍රි සේවයක් ලෙස ස්ථාපිත කිරිම

2.නුතන තාක්ෂණය උපයෝගි කරගත් මධ්‍යයම රජයේ සහ ජාත්යන්තර ආධාරද යොදාගනිමින් මළපවහන පද්ධතියක් ස්ථාපිත කිරිම .
මුහුදු මට්ටමින් පහත පිහිටි මීගමුව නගරයේ සියළු විශේෂතා සැලකිල්ලට ගනිමින් වැසිකිලි අපද්‍රව්‍ය බැහැර කරන මළාපවහන පද්ධතියක් ස්ථාපිත කිරීම

3.ක්‍රමානුකූලව කැලි කසල බැහැර කරන පරිසර හිතකාමී ක්‍රම ඇති කිරීම

4.මීගමුව රෝහල මධ්‍යම රජයට පවරාදීමට කටයුතු කර ශීක්ෂණ රෝහලක් බවට පත් කිරීමට කටයුතු කිරීම


5.වැඩිහිටි ප්‍රජාවගේ මානසික හා ශරීර සුවතාවය නගාසිටුවීමට සහය වීම


6.මදුරු උවදුර අවම කිරීමට ප්‍රජා සහභාගිත වැඩ සටහනක් නොකඩවා ක්‍රියාත්මක කිරීම

3.විවේකය ,සනිපාරක්ෂක පොදු පහසුකම් ,ක්‍රිඩා ප්‍රවර්ධන සහ සංචාරක ආකාර්ශණය ප්‍රවර්ධනය

1.ජනතාවට නෙත ගැටෙන ස්ථාන නගරයේ සෑම මංසන්දියක් හා විවෘත භූමි අලංකාර වු අකර්ශණීය ස්ථානයන් බවට පත් කිරීම

2ශරීර සුවතාවය සදහා තෝරා ගත් ප්‍රදේශ වල ඇවිදින මංතීරු ඇති කිරීම

3.නව වෙරළ උද්‍යානයක් කැපුන්ගොඩ දුන්ගාල් පිටිය ආශ්‍රිතව පිහිටුවීම හා මෝරවල වෙරල උද්‍යාණය සංවර්ධණය කිරිම

4.ඒත්තුකාල වෙරළ උද්‍යානය පාලනය වහාම නගර සභාව වෙත පවරාගෙන එහි පවතින දුෂිත ක්‍රියා අත්හිටුවා මහජන පහසුකම් වැඩිදියුණු කිරීම

5.රාජපක්ෂ උද්‍යානය අපට දයාද කළ රාජපක්ෂ මැතිදුන්ගේ පැතුම වූ කු දරුවන් සදහා නොමිලයේ පහසුකම් සැලසීම

6.සංචාරක කලපුව,හැමිල්ටන් ඇල, මුහුදු වෙරළ හා රෙළ උද්යාන, බස් නැවතුම් පල අවට හා දුම්රිය ස්ථානය අවට පරිසර හිතකාමීව හා අකර්ශනීයව තැබීමය

7.මීගමුව සම්බන්ධ සියළු තොරතුරු රැස්කිරිමට.සංරක්ෂණය කිරිමට හා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට අවැසි මාර්ග උපදේශන ,මගපෙන්විම් ඇතුළුත් නවින තාක්ෂණික පහසුකම් වලින් හෙබි තොරුතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරිම

8.සමුද්‍රි උද්‍යානයක්,කරදිය සහ කිවුල් දිය මින්මැදුරක්,ධීවර කෞතුකාගාරයක් ස්ථාපිත කිරිමට යෝජනා කෙරේ.

6.පියසි සහිත සහ පියසි රහිත සංචාරක බෝට්ටු වැඩපිළිවෙලක් දියත් කිරිම

7.ජාත්‍ය්න්තර මට්ටමේ පාපන්දු ක්‍රිඩාංගනයක් ඇති කිරිම

8.මුහුදු වෙරළ සහ මංමාවත් පිරිසුදු කරන යන්ත්‍රොපකරන නගර සභා සේවයට එක්කිරීම


9.අපගෙන් රජයට පවරා ගත් මීගමුවේ තනායම් 2 නැවත නගර සභාවට ආදේශ කගෙන සංවර්ධනය කිරීම

10 මීගමුව නගරය තුළ විසිරී ඇති ප්‍රධාන සේවා ස්ථාන ඉලක්ක කර කුඩා බස් රථ සේවාවක් ස්ථාපිත කිරිමට යෝජනා කෙරේ

.

4.පරිපාලන කටයුතු විධිමත් කිරිම ,නව සංවර්ධන ව්යාපෘති සහ දුෂණය පිටුදැකිමට විධිමත් වැඩපිළිවෙලක් ස්ථාපිත කිරිම

1.මීගමුව මහ නගර සභා භූමිය තුළ නව පරිපාලන ගොඩනැගිල්ලක්ද තැනින් තැන විසිරී ඇති අනිකුත් රාජ්‍ය පරිපාලන ආයතන එක් වහලයක් යටතට ගෙන ඒම සදහා පරිපාලන සංකීර්ණයක් ස්ථාපිත කිරීම.


2.නව පරපුරේ උන්නතිය සදහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම


3.කොච්චිකඩේ නගරයට නවින අකාරයේ පොදු වෙළද සංකීර්ණයක් ඉදිකිරිම


4.මීගමුව නගර සභාවේ මුල්ම පරිපාලන ගොඩනැගිල්ල පිහිටා තිබුන මිපුර තියටර් භූමිය වෙරළ හා කලපු සංරක්ෂණ මෙන්ම ධිවර සේවා පරිපාලන ඒකකයක් ස්ථාපිත කර විසිරී ඇති ධිවර කටයුතු එක වහලක් යටතට ගෙන ඒමට කටයුතු කිරීම.


5.අනවසර ඉදිකිරීම් නිත්‍යානුකූලව ඉවත් කිරීමට අවශ් ක්‍රමෝපායන් සැකසීම


6.දුෂණ හා වංචාකාරී ලෙස නගරයේ දේපල අවභාවිත කරන්නන් ගෙන් ඒවා මුදාගැනීමේ නිත්‍යානුකුල වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම


7.ඉහත යෝජිත මහ පරිමාණ සැලසුම් ක්රියාවට නගන්නට මහනගර නිර්මාණ අමාත්‍යංශය සමග සහයෝගයෙන් බැදී කටයුතු කිරීම


9.කලපුව ආශ්‍රි ධිවර ජනතාවගේ අවශ්‍යතා හදුනාගෙන ඒවා සපුරා දීම

ඉඩම් හා නිවාස ප්‍රශ්ණය

1 මීගමුව නගරයේ දැනට ඉතිරිව පවතින පොදු ඉඩම් ප්‍රශස්ත ලෙස භාවිත කිරිම වෙනුවෙන් විශේෂ සැලැස්මක්  ක්‍රියාවට නැගේ.

2 අඩු ආදායම්ලාභී හා මධ්‍ය පාංතික නගර වාසීන් සදහා අඩුපොලී නිවාස ණය ආධාර වැඩසටහනක් ආරම්භ කිරීම


3.මීගමුව තුලදැනට පවතින ඉඩම් නිවාස ප්‍රශ්ණය විසිදිම සදහා නිවාස සංකීර්ණ වැඩසටහනක් ඇතිකිරිම .
දැනට ඔප්පුවකට හිමිකම් නොකියන අය වෙත නිසි ඔප්පු ලබාදිමටත් කටයුතු කරන්නෙමු.

ථෙතිහාසික සහ පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණය

1. මීගමුවේ සංස්කෘතික දයාදයක් වන ඕලන්ද බලකොටුව සංරකෂනය කර මතු පරපුරට ඉතිරි කිරීම හා අනිකුත් ඉපැරණි ස්ථාන `දුනාගෙන සංරක්ෂනය කිරීම

2.වසාදමා ඇති පැරණි අධිකරණ මීගමු කෞතුගාරය බවට පත්කරන්නට කටයුතු කිරීම

නගර සංවර්ධනය සදහා ප්‍රජා සහභාගිත්වය

1.නගරාධිපතිවරයාට සහ නාගරික මන්ත්‍රි මණ්ඩලයට උපදෙස් ලබාදිමට සහ මගපෙන්විම සදහා විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ගෙන් සැදුම් ලත් උපදේශක මණ්ඩලයක් පත් කිරිම

2.වරිපනම් බදුගෙවන්නගේ සංගමය සහ හා සමාන සංගම්වල නිරන්තර අදහස් ලබාගැනිම සදහා පියවර ගැනිම

3. මීගමුවේ සංස්කෘතියට පැවැත්මට හා සංවර්ධනයට අදාළව සියළු ආගමික නායක උත්තමයන්ගේ අදහස් නිරතුරුව ලබාගැනිමට විධිමත් පියවරන් ගැනිම වැඩපිලිවෙලක් යෝජනා කෙරේ.

 

(උපුටා ගැනිම එජාප ප්‍රතිපත්ති ප්‍රකාශණයෙනි )