මිගමුව ට සුපිරි පුස්තකාලයක් ?????????

0
240

චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලනය සමයේ නවින ශ්‍රි ලංකාවේ පුස්තකාල 5 ක් ඉදිකිරිමට  මුදල් ප්‍රතිපාදන වෙන් වුනා. මීගමුවේ පාඨකයනුත් වාසානාවන්න වුනේ මීගමුවටත් මේ 5 න් එකක් ලැබුන හින්ද. නමුත් ඒ පිටිපස්සෙන්ම අවසනාව හඹාගෙන ආවා. හේතුව පොත් ගැන ඇල්මක් දක්වපු පාලනයන් නෙමේ තිබුනේ.

නිව්ටන්  හේනරි සහ නිමල් ලංසා මේ දෙන්නම දස්සයෝ හැබැයි පොත් පෙරළන්න විතරයි. කොහොම වුනත් නිව්ටන් ලංසාට වඩා ඉස්සර ට ගියේ පොත් වගයක් ගන්න ගිහින් නගරාධිපති තනතුරත් නැතකරගත්ත හින්ද.  නිව්ටන් අර ටික කාලෙකට  හිටපු තැන  99 අවුරුදු බද්දට අරන් පදිංචි වෙලා ඉන්න වෙනවා.

හරි අප දැන් බහිමු මේ පුස්තකාල ප්‍රශ්ණෙට .මොකද මේක අපටත් මතක් කරල දුන්නේ නායකයෝ කිප  දෙනෙක් ඉන්නවා .

එක්කෙනෙක් පැට්ට්‍රික් පියතුමා . අනේ උන්වහන්සේත් හරිම කම්පාවෙලා නගරයේ පුරාම පත්‍රිකාවකුත් බෙදා හැරලා මේ පුස්තකාලෙ හදන්න දුන්න ඉඩම මොකටද මේ බුදු පිළිම තියන්නේ දෙන්නේ ඒකේ පුස්කාලය හදන්නම කියල ලොකු සද්දයක් දැම්මා. ඒ වෙනුවෙන් ඒ තුමා ගිය දුර ගැන කියනවනම් නගර සභාව විශේෂ කොමාසාරිස් කෙනෙකු යටතට පත් කරන්නත් කිව්වා. අපරාදේ  කියන්න බෑ මේ කටයුත්තේදි අර පියුම් වර්ධන කියන ලියන මහත්තයා දොඹෙන් උදව් කරා අපේ ආචාර්ය පියතුමාට. එච්චර මහන්සි වෙලත් මීගමුවේ මිනිස්සුන්ට කෙලෙහි ගුණ නෑ මොකද මෙච්චර මහන්සි වෙන පියුම් වර්ධනට කියනවලු මිනිහ තමයි මිගමුව ගිනි තියෙන හනුමා කියලා.

අනික් කෙනා අපේ ( වැඩබැරි ) නමුත් වැඩ බලන විපක්ෂ නයක කැලිසන් ජයකොඩි එතුමත් අනේ අපරාධෙ කියන්නෙ බෑ පහුගිය දශකයක්ම නිහඩව ඉදල මීගමුවේ පාඨකයෝ ගැන දුක හිතිල මෙන්න නගර සභාවට යෝජනාවක් එහෙමත් ගෙනල්ල පුස්තකාල හදන්න තියෙන ඉඩම ඇයි අනේ මේ පිළිම වලට දෙන්නේ කියලා ජයවීරව කොනිත්තලා තිබුනා.

අපි දන්නව කැලිසන් මහත්තයා ඊළග මුදල් කාරක සභාවේදි මේකට ලෙඩේ අදිනවමයි.
බුදු ෂුවර්. මොකද මිනිහ අවකංය. ඒ හින්ද නේ නිමල් ලංසා වුනත් එයාව මුදල් කාරක සභාවට ගත්තේ.  ඒ විතරක්ද ආණ්ඩු පක්ෂෙ කෙනෙක් ගේන්න ඕන යොජ්නා වුනත් කැලිට  දෙන්නේ ඒ අවංක කම හින්දනේ. නැද්ද කෑලි ????

කමොන් කැලි ඔයා ඔය අංශයෙන් ම යන්න . පුළුවන්ම නම් මරාන්තික උපවාසයක්
කරන්න. පාඨකයන්ගේ අයිතිය වෙනුවෙන් සුමේධ හාමුදුරුවන්ට උණ ගැනෙන්නත් එක්ක.