මිගමුව නගරාධිපතිට මහජන බදු මුදලින් රු ලක්ෂ 07 කැමරාවක් ?

0
264

මීගමුව නගරධිපති දයාන් ලංසා හට මහජන බදු මුදල් වැය කරමින් රු ලක්ෂ 07 ක වටිනාමකින් යුතු කැමරාවක් ලබාගැනිමට අනුමැතිය ලබාදිම අද පැවැති මහසභා රැස්විමේදි සිදුව තිබුණි.
මුදල් කාරක සභාව විසින් මේ සදහා අනුමැතිය ලබා තිබුන අතර මහසභාවේදි එය බහුතර මන්ත්‍රිවරුන්ගේ අනුමතියෙන් සම්මත වි තිබුණි.
මුදල කාරක සභාව වෙනුවෙන් එජාප මන්ත්‍රින් වන නස්මියාර් සහ බෝලවලාන නාගරික මන්ත්‍රි මනෝජ් නියෝජනය කරනු ලබන අතර ඔවුන් විසින් මේ කැමරාව සදහා මුදල් කාරක සභාෙව්දි අනුමැතිය ලබා දි තිබේ

අද පැවැති මහසභාවේදි මෙයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුනේ කපිලනන්දසුලෝචන, රොයිස් විජිත, නාමල් වේවැල්දෙණිය , සංගිත් පෙරේරා , චාමර , රොෂාන් සහ සුමිත් යන නාගරික මන්ත්‍රිවරුන් පමණි.
මේ කැමරාව සම්බන්ධයෙන් මහනගර සභාවේ ප්‍රධාන ඉජිනේරුවරයාගෙන් ප්‍රශ්ණ කරමින් රොයිස් විජිත විපක්ෂ නායකවරයා මතුකර තිබුනේ මෙම කැමරාව ක්‍රියාත්මක කරන ආකාරයවත් දන්නේදැයි කියාය.එයට පිළිතුරු දෙමින් ඉජිනේරුවරයා කියා තිබුනේ එය දැනගැනිමට වන්නේ මිළදි ගැනිමෙන් පසුව බවය.
මිගමුව මහනගර සභාව දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණ දි තිබුණද පොහෝට්ටු නාගරික මන්ත්‍රිවරුන් මෙන්ම එජාපේ ඇතැම් නාගරික මන්ත්‍රිවරුන්ගේද සහය ඇතිව නගරාධිපති දයාන් ලංසාගේ රු ලක්ෂ 7 කැමරාව අනුමත වි තිබුණි

මෙම කැමරාව ඡායාරුපගැනිමට භාවිතා කරන අධිතාක්ෂණික කැමරාවක් බවත් එය නගරාධිපතිගේ පරිහරණයට බවත් නම සදහන් කිරිමට අකමැති වු නාගරික මන්ත්‍රිවරයෙකු මිපුරට කියා සිටියේය.
රට දැවැන්ත කොරෝනා අර්බුදයකට පත්ව තිබියදි මිගමුවේ තත්වයද ක්‍රමයෙන් අර්බුදයකාරි වතාවරණයක් කරා ගමන් කරද්දි මුදල් නැතැයි කියන මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් හැසිරෙන අන්දම මිගමුවේ බදුමුදල් ගෙවන මහජනයා සැබැවින්ම තේරුම්ගත යුුතුව තිබේ