.( 10.30 am ) මිගමුව මහනගර සභාවේ සිටිය යුත්තේ පළමු පංතියේ සුදුසුකම් සහිත නාගරික කොමසාරිස්වරියෙකි. කලින් සිටි සුදත් කුමාර පවා මිගමුව මහනගර සභාවේ ධුරය භාරගන්නා අවස්ථාවේ සිටියේ දෙවන පංතියේ සුදුසුකම් සහිත අයෙකු ලෙසය. එහෙත් පසුව ඔහු අදාල සුදුසුකම් සපුරා ගත් බව වාර්ථා විය.
එහෙත් මිගමුවේ අවාසනාවට දැන් සිටින්නේ තුන්වෙනි පංතියේ සුදුසුකම් දරමින් නාගරික කොමසාරිස්ධුරය හොබවන අයෙකි. සැබැවින්ම ඇයගේ රාජකාරි පිළිබව දැනුමේ තරමද ඇගේ සුදුසුකම් ගානටම කැපි ඇති බව යළිත් වරක් මනාව ඔප්පු වුයේ කොරෝනා වෛරස් තත්වය හමුවේ ඇය කටයුතු කරන්නට යෙදුන ආකාරය ගැන විමසා බලන කල්හිය.
රටක විපත්තිදායක අවස්ථාවකදි නගරයේ අදාල කටයුතු පිලිබදව සියලු තින්දු තිරණ ගැනිම පැවැරි ඇත්තේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට මිස නගර සභාවකට නොවේ.
එහෙත් ඒ ගැන වගක්වත් නැති මිගමුවේ නාගරික කොමසාරිස්වරිය සිය රාජකාරි වගකිම්ද ඉක්මවා යමින් දේශපාලන අධිකාරිය හා කරේ අත දා ගනිමින් විගඩම් රැසක් පසුගිය කාලය තුල කර තිබුණි.
නිවෙස්වලට භාණ්ඩ බෙදා හැරිමේ ජංගම සේවා ගැන කිසිදු තින්දුවක් ගැනිමට නාගරික කොමසාරිස්ට අයිතියක් නොතිබුන තත්වයක ඇය මහජන සෞඛ්‍ය පරික්ෂකලාද හවුල් කරගෙන ජංගම බෙදාහරින්නන් සදහා අවසරය ලබා දි තිබුනි. ඉනුත් එහාට යමින් ඔසුසැල් විවෘත කිරිම සදහාද අවසර ලබාදෙන්නට දේශපාලන අධිකාරියට සහය පළකරමින් සිය තුන්වෙනි පංතියේ රාජකාරිමය දැනුම ගැන මිගමුවට කියා දි තිබුණි.
මේ ආකාර අවුල් ජාලාවක් ඇය විසින් සිදුකර තිබිම නිසාම මිගමුව ප්‍රාදේශිය ලේකම් තුමියට ඒවා යලිත් වරක් නිවරදි කරමින් රාජ්‍ය යන්ත්‍රයේ නිසි වපසරිය යළි ක්‍රියාත්මක කිරිමට මහත් වෙහෙසක් දැරිමට සිදුව තිබුනි.ඒ අනුව නාගරික කොමසාරිස්තුමිය විසින් දේශපාලන අධිකාරියේ උවමනාවන් ඉටුකරමින් නිකුත් කරන්නට යෙදුන සියලුම ජංගම බෙදාහරින්නන් අවලංගු කර දැමිමට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට සිදුව තිබුන අතර පමණක් නොව එය විධිමත් යළිත් සකස් කිරිමට ග්‍රාම නිළධාරි වරුන්ටද මහත් වෙහෙසක් ගන්නට සිදුවිය. කෙසේ වෙතත් මේ වන විට නාගරික කොමසාරිස්තුමිය විසින් අවසර නිකුත් කර ඇති නිසිදු ජංගම බෙදාහරින්නෙකුට ඒ අවසරය නැති අතර එසේ කරන්නේ නම් පොලිසිය ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනිමට නියමිත බවද දැනගන්නට ඇත.
කොමසාරිස්තුමියගේ මේ නොදන්නා කම නිසා මිගමුව දේශපාලන අධිකාරිය විසින් රාජ්‍ය නිළධරින් කැදවා විවිධ මාධ්‍ය සංදර්ශන පැවැත්වු අන්දම අපට මතකය . ඉන් නොනැවති රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය පමණක් ඇති ඔසුසැල් විවෘත කොට තැබිමේ නියෝග දිමට පාවා මිගමුව මහනගර සභාව පසුගිය කාලය තුල කටයුතු කර තිබුණි.
කිසිදු රාජ්‍ය තාන්ත්‍රික අවබෝධයක් නැති දේශපාලන අධිකාරියක් සහ පරිපාලන අධිකාරියක් ඇති මිගමුව මහනගර සභාවේ තත්වය දැන් වඩාත් හොදින් ඉස්මතුවි පෙනේ.