මිගමුව ප්‍රාදේශීය ලේකම්තුමිය කලබල වෙයි ! මිපුර වෙබ් අඩවියටත් කථා කරයි !

0
441

මිගමුව ප්‍රාදේශීය ලේකම්වරිය කලබල වි ඇති සැටියකි.ඒ මිපුර වෙබ් අඩවියේ අප විසින් කරුණු සහිතව පළකරන ලද ලිපියක් හේතු කොට ගෙනය.

ඇයට මිපුරට ලිපියක් එවන්නට අවැසි යැයිද පවසා තිබේ.අප වෙබ් අඩවියේ පළකරන ලද ලිපි වලට අදාලව පිලිතුරු සැපයිමේ අයිතිය තිබේ.එය වෘත්තිය වෙබ් මාධ්‍ය සංගමයේ ආචාරධර්ම ලියවිල්ලේද මුලිකතම පදනමයි.

අපට ඇය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලික ගැටළුවක් ඇත්තේ නැත.ඒ බවද ඇය හොදින්ම දන්නවා ඇතැයි සිතමු.පසුගිය කාලය තුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  ප්‍රවෘත්ති රැසක් අප වෙබ් අඩවියේද පළකර ඇත්තෙමු.

අප විසින් පසුගිය කාලය පුරාම ඉතාමත් ඕනෑකමින් යුතුව බිච් පාක් එක අරඹයා ක්‍රියාත්මක කුමන්ත්‍රණය ගැන කරුණු අධ්‍යයනය කළෙමු.අදාල නිලධාරීන්ගේ හැසිරිම් ප්‍රතිචාර සහ උනන්දුව ගැනද ඉතා හොඳින් නිරික්ෂණය කළෙමු.

මේ කිසිවෙකුට අදාලවත් පුද්ගලික අමනාපයක් හෝ වි⁣ශේෂ ලව් එකක් අපට නැත.

ඉතින් ප්‍රාදේශීය ලේකම් තුමියට අප කරුණු සහිතව විඩියෝද ඇතුලත් කරමින් පළකරන ලද පුවතට ඇගේ ප්‍රතිචාරය දැක්විමට හැකි බව දැනටමත් දැනුම් දි ඇත.

හැබැයි ඇය අපට ලියන්නට කලින් කළ යුතු වැදගත්ම දෙයක් තිබේ.

එනම් දැනටමත් මාස දෙකක්ද ඉක්මවා ගොස් ඇති ප්‍රශ්ණ 5 කින් සමන්විත නාගරික කොමසාරිස්වරිය ප්‍රා. ලේ  වෙත එවා ඇති ලිපියට නිසි ප්‍රතිචාර දැක්විමය.IMG 20250107 084946

IMG 20250107 084953 1මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති ගරුක නිලධාරීන්ව  තර්ජන මැද වුවද කොන්දේසි විරහිතව පෙනි සිටිමන් රැකගත් ආකාරය ඉතිහාසය දන්නා අයට  අමුතුවෙන් කිව යුතු නොවේ.

එමෙන්ම අසරණ ජනතාවගේ අයිතිය ගැන නිසි අවධානයක් යොමු නොකර කටයුතු කළ මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අයට මානව හිමිකම් කොමිසමට උත්තර බදින්නට තරම් තත්වයක් අප විසින් ඇති කළ බවද එහි සිටිනා  කිසිවෙකුටවත් අමතක නැතැයි සිතමු.IMG 20210126 115134

139408647 3930631953666164 8211600047598736141 n

2

වරාය නගරය ව්‍යාපෘතිය නිසා නිවාසය අහිමිව අසරණව සිටි දරුවන් හතර⁣ දෙනෙක්ගෙන් යුත් පවුල ගැන අනුකම්පා විරහිතව එදා කටයුතු කළ විශේෂයෙන්ම ඉඩම් නිළධාරියා ඇතුළුව එවකට සිටි ප්‍රාදේශීය ලේකම් තුමියට සහ ඇතැම් ග්‍රාම⁣ නිලධාරින් ගැන අප කළ හෙළිදරව් කිරිම් වල ප්‍රතිඵල ලෙසින් නැතැයි කි ඉඩමක් සුජිත්ලාට දෙන්න ඒ සැමට සිදුවිය.ගෙවල් 1

එය සැබැවින්ම මිපුර වෙබ් අඩවිය ඇතුළු එයට සම්බන්ධ කටයුතු අපේ අනෙක් මාධ්‍ය සගයන්ගේ අඛණ්ඩ උත්සාහය නිසා ලද ජයකි.

අප පෙනි සිටින්නේ ඇත්ත වෙනුවෙන් පමණි.ඒ අතර මැද ඩීල් හෝ ගේම් අපට නැත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here