මිගමුව ප්‍රා.ලේ සේවකයන් සදුදා පාරට බහින්නේ වැලි කපන ඉන්දිකලා වෙනුවෙන්ද?

0
129

1485499667_1696847_hirunews_Indika-Anuruddha


මහින්ද පිලේ ගම්පහ නායකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධලා විසින් පරිසරය විනාශ කරමින් සිදුකරනු ලබන වැලි ජාවාරමට එරෙහිව ඊයේ දිනයේ දිවුලපිටියේ ජනයා විරෝධතාවයක නිරතව සිටියහ.

එයට සහය පලකරමින් නියෝජ්‍ය  ඇමති රංජන් රාමනායක ද එයට එක්ව සිටියේය.
මෙහිදි ඇමතිවරයා විසින් ආදාල රාජ්‍ය නිලධාරින් අමතා මේ සිදුවන පරිසරය විනාශ කෙසේ හෝ නවතාලිම  සදහා හැකි මැදිහත්විමක් සිදුකරන ලෙස ඉල්ලා සිටින ලදි.
.මේ සංවාදයේදි භුවිද්‍යා හා පතල්කැණීම් කාර්යාංශයේ නිලධාරින්  වඩාත් සහයෝගයෙන් මෙම දුරකථන සංවාදයට එක්වෙමින් කෙසේ හෝ මේ වැලි ජාවාරම නවතාලිම සදහා අදාල පියවරයන් ගන්නා බවද කියා සිටියේය.
එහෙත් අදාල ප්‍රාදේශිය ලේකම්වරියගේ මැදිහත්විම සැබවින්ම යාන්ත්‍රික එකක් විය.
ඇය අදාල විනාශය නවතාලිම සදහා ඇවැසි සක්‍රිය මැදිහත්විම සදහා කිසිදු සුදානමක් ඇති බවක් කිසිවිටකත් පෙන්වා තිබුනේ නැත.
තතු මෙසේව  තිබියදි ඇතිවු උණුසුම් දෙබසට වැලිකපන ඉන්දික අනුරුද්ධලාගේ රජ්ජුරුවන්ගේ නාලිකාව විසින් රංජන්ට රාමනායකට එරෙහිව දැඩි මාධ්‍ය ප්‍රහාරයක දැන් නිරතව සිටි.
එපමණක් නොව ඉන්දික අනුරුද්ධලාගේ ගෝලයන් පිරිසක් විසින් අද දිනයේ දිවුලපිටියේදි විරෝධතාවක්ද රංජන්ට එරෙහිව සංවිධානය කර තිබුණ  අතර රාජපක්ෂලාගේ මාධ්‍ය ආයතයන් විසින් සුපුරුදු පරිදි බැටදිමේ න්‍යායක නිරතව සිටිනු දක්න ලදි.
මේ අතර ලබන සුදුදා දිනයේ උදේ වරුවේ මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවකයන් විසින්ද පරිසරය රැකගැනිම සදහා ජනතාවගේ පැත්ත ගත් නියොජ්‍ය ඇමති රංජන් රාමනායකට එරෙහිව පාරට බහින්නට සුදානමින් සිටින බව දැනගන්නට ඇත.
ඔවුන්ට එසේ විරෝධතා දැක්විමට ඇති අයිතිය ඉතා ඉහලින්ම පිලිගනිමින්ම අපට අසන්නට ප්‍රශ්ණ කිපයක් තිබේ.
දිවුලපිටියේදි සිදුව තිබුන පරිසර විනාශය ඔබඅනුමත කරන්නේද ?
ඒවා පිටුපස සිටින ඉන්දික අනුරුද්ධලාගේ මේ වැලි මාෆියාව නවතාලිමට කිසිදු සක්‍රිය මැදිහත්විමක් නොකළ ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු අනෙකුත් රාජ්‍ය නිළධාරින් ගැන ඔබෙ ස්ථාවරය කුමක්ද?
නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක හා අදාල ප්‍රාදේශිය ලේකම්වරිය අතර වු සම්පුර්ණ දුරකථන සංවාදය දෙකටම ඔබ ඇහුම්කන් දුන්නේද ?නැතිනම් හිරු විසින් ඔබේ සාලයට ගෙනවිත් පෙන්වු රුපරාමු සහ  සංවාදයට පමණක් ඇහුකන් දුන්නේද ?
මේ සියළු විරෝධතා පිටුපස සිටින්නේ රාජපක්ෂලාගේ බලවේගයන් බව ඔබට වැටහිමක් ඇතිද ?
ඔබලා අයුක්තියට අසාරධණයට එරෙහි වන යුක්තිගරුක සේවකයන් නම් මීගමුව තුල සිදුව ඇති අතිශය බරපතල දුෂණ ගැන මික් කිවේ නැත්තේ  ඇයි?
ඇතැමුන් ඒවාට උඩගෙඩි දෙමින් බඩවඩා ගත්තේ නැතිද ?