මිගමුව පොලිස් අධිකාරිතුමෙනි සංචාරක කර්මාන්තය රැකගන්න වැල්ලටත් පොලිසිය දාන්න !

0
50

beach prk 4ජනපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ විසින් දියත් කරන්නට යෙදුන  කුමන්ත්‍රණය පරාජයට පත්විමත් සමගින් රටට විදේශිය සංවාරකයන්ගේ පැමිණිමද දැන් දිනෙන් දින වැඩිවෙමින් තිබේ.
මේ හේතුවෙන් මිගමුවේ සංවාරක ව්‍යාපාරයද දැන් දියුණුවට පත්වෙමින් තිබේ. එයට ආරක්ෂාව සැපයිම සදහා අවැසි පියවර ගැනිමට දැනටමත් මිගමුව පොලිස් අධිකාරිතුමන් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මිගමුවේ හෝටල් හිමිකරුවන්ගේ නිබද පැසසුමට ලක්ව තිබේ.
මිගමුවට පැමිණෙන සංවාරකයන් වැල්ලේ අව්ව තැපිමට වැඩි කැමැත්තක් දක්වන අතර පසුව ඔවුන් මුහුදට ගොස් දියනාති.
ඒ ඔවුන්ගේ ඇතැම් බඩුබාහිරාදිය තමන් අව්ව තැපිමට තෝරාගත් ස්ථානයේම තබා යමිනි.
එහෙත් මේ අවස්ථාව ගැන දෙස මාන බලා සිටින කුඩුකාරයන් සහ සොරුන් විසින් මේ විදේශිය සංචාරයන්ගේ දැ පැහැර ගැනිම නිසා මේ දිනවල යම් අදායමක් ලැබිමට ඇති ඉඩකඩ පවා අහිමිවේදෝයි බියකින් සංවාරක කර්මාන්තයේ නියැලි සිටින අය පසුවෙති.
එබැවින් මේ තත්වයට වහාම පිළියම් යෙදිම සදහා වැල්ලට පොලිසිය යොදන්නේ නම් එය ඉතා යහපත් බව හෝටල් හිමිකරුවෝ පවසා සිටිති.